හිඟුරක්ගොඩ සද්ධානන්ද හිමිගේ මරණය සියදිවි හානිකර ගැනීමක් |
දඹුල්ල - ධම්මික නාමල් කෝරාල තම සැතපෙන කාමරයේ බාල්කයක එල්ලී මියගොස් සිටියදී සොයා ගනු ලැබූ සීගිරිය, ලේනාව ශෛලබිම්බාරාමයේ හිඟුරක්ගොඩ සද්ධානන්ද හිමියන්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවට දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේය. නිදන කාමරයේ අඩි පහක් පමණ උසින් පිහිටි බාල්කයක කොහු ලණුවක් ආධාරයෙන් ගෙල වැලලාගෙන සිටි හිමියන්ගේ සිරුරේ දණහිස බිමට පතිත වී ඇති අතර ගෙල පෙදෙසේ තුවාල කැලැල් ආදිය තිබීමත් පිටස්තර පුද්ගලයන් සමඟ නිරන්තර සබඳතා පැවැත්වීම ආදී හේතු නිසා ප්‍රදේශයේ දායකයන් අතර සැකකටයුතු මරණයක් බවට ආරංචි පැතිර ගොස් තිබිණි. දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය. දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ටී.බී. කොස්වත්ත මහතා ඉදිරියේ පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය සිදු කෙරිණි. විහාරාධිපති මොනරතැන්න ධම්මාලංකාර හිමියෝ සාක්ෂි දෙමින් මෙසේ පැවැසූහ. මගේ වයෝවෘද්ධකම නිසා සියලු ආගමික හා සමාජීය කටයුතු උන්වහන්සේට භාර දී තිබුණා. දායකයන්ගේ සිත් දිනාගෙන ඒ කටයුතු කරගෙන ගියා. මෙම ප්‍රදේශයේ පදිංචි නොවන පිටස්තර පුද්ගලයන් නිරන්තරම මියගිය හිමියන් මුණ ගැසීමට ආවා. ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව මේ හාමුදුරුවෝ වැඩ කටයුතු කළා. ඒ වැඩවලට ගියාම සමහර දිනවල මධ්‍යම රාත්‍රියේ තමා යළි එන්නේ. මියගිය හිමිනම පුතා කියලා ආමන්ත්‍රණය කරන බුද්ධික කියලයි තිලකේ කියලයි දෙදෙනකු නිතරම ඇවිල්ලා මුදල් ඉල්ලලා කරදර කරනවා කියලා හාමුදුරුවෝ හැමවිටම කීවා. ඉල්ලන මුදල් ප්‍රමාණය දෙන්න විදියක් නැහැ කියලත් කීවා. මේක හැමදාම කරදරයක් කියලා එල්ලිලා මැරෙන බවත් මට කියලා තිබුණා. ඒ නිසා සිත් තැවුලට පත්වෙලා සියදිවි හානිකර ගන්න ඇති කියලා හිතෙනවා. මියගිය හිමියන්ගේ මෘත දේහය සොහොයුරකු වන හිඟුරක්ගොඩ මර්ලින් අප්පුහාමි මහතාට භාරදෙනු ලැබී |
Tuesday, March 19, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment