Tuesday, March 19, 2013

ජගත් නියෝජිතයන්ට දොර වැසේ

ජගත් නියෝජිතයන්ට දොර වැසේ

PDFPrintE-mail
2013 මාර්තු 19  01.05  a.m
unsedadeඑක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීම සඳහා කළ තවත් ඉල්ලීමක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා අදහස් ප්‍රකාශ කිරීමෙහි ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි විශේෂ නියෝජිත පිරාන්ක් ලාරූ විසින් කළ ඉල්ලීමක් මෙලෙස ප්‍රතික්‍ෂේප කර ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 2012දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් සභාවෙහි කෙටුම්පතට අනුව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීමට අනුමැතිය ලබාදී තිබුණු බවත්, එම කාල පරාසය සම්පූර්ණවී ඇති බැවින් මෙම ඉල්ලීමට අවසර ලබා දිය නොහැකි බවත් ජිනීවා හි ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී සම්මත කරනලද 19-2 කෙටුම්පතට අනුව දැන් ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීමට ඉල්ලීමෙන් කිසිම එලක් නොමැති බවද හෙතෙම ජගත් සංවිධානය වෙත පෙන්වාදී තිබේ.
පැතුම් වික්‍රමරත්න

No comments:

Post a Comment