Friday, March 29, 2013

කරාපිටියේ වකුගඩු බද්ධ කිරීමට තිස්දෙනෙක් පෝලිමේ
ගාල්ල - ලලිත් රුහුණගේ සහ කේ.ඒ.එස්. කුමාර

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා වකුගඩු රෝගීන් තිස්දෙනකු පමණ පොරොත්තු ලේඛනයේ සිටින බැව් වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසයි.

මේ වනවිට කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් දෙකක් පමණ සිදුකොට ඇති අතර එම සැත්කම් දෙකම සාර්ථක වූ බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මෙකී සැත්කම් කරගෙන යන්නේ අඩු පහසුකම් යටතේ වන අතර සැත්කම් කිරීම සඳහා වකුගඩු ඒකකයට වෙනම ශල්‍යාගාරයක් පවා නැත. වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩල හිඟයක්ද මෙකී ඒකකය තුළ පවතින බැව් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
2013-03-30

No comments:

Post a Comment