අපිට කුඩම්මාගේ සැලකිලි Featured
සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන්ට පමණක් වන්දි ගෙවන හා සලකන
අමාත්‍යාංශයක් බවට පත්ව ඇති බව රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන්
රත්නප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
එම් නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිළධාරිවාදය රජකරන බවය.
පසුගිය කාලය තුළ රාජකාරීයේ යෙදි සිටිය දී මියගිය සෞඛ්‍ය සේවකයන්හට වන්දි ගෙවීම පිළිබ`දව විශ්ලේෂණය කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන්ට පමණක් සලකන අමාත්‍යාංශයක් බවට පත්වී ඇති බව පැහැදිලිය.2009 වසරේ දී ඝාතනයට ලක්වූ නාවක්කඩු පර්යන්ත රෝහලේ සේවය කල වෛද්‍ය එස්. ඩබ්. පාලිත පත්මකුමාර මහතාට හා 2010 වසරේ දී ඝාතනයට ලක්වූ බදගිරිය රෝහලේ සේවය කල වෛද්‍ය ඉදුනිල් මහත්මියට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලක්ෂ 50 බැගින් වන්දි මුදල් වහාම ලබා දෙන ලදි.
නමුත් 2009 වසරේ දී සිදුවු යුද්ධයේ දී කිලිනොච්චි රෝහලේ සේවය කල හෙද නිළධාරිනි ටී. කජේන්දනී මහත්මිය හා මූලතිව් රෝහලේ සේවය කල හෙද නිළධාරී ඒ. කේෂියන් ධර්මරාජා මහතා යන අය ඝාතනයට ලක්වූ අවස්ථාවේදී අප ඒ වෙනුවෙන් ලක්ෂ 50 ක වන්දි මුදල් ප්‍රධානය කරන ලෙස ඉල්ලා සිටියද, අද දක්වා සත පහකවත් ඔවුන්ගේ පවුලේ අයට ගෙවා නොමැත.
එසේම තඹලගමුව ප්‍රදේශයේ ඩෙංගු මර්දන රාජකාරී වල යෙදි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. එම්. පලීල් මහතා සාහසිකයෙකු එල්ල කල මෝල් ගස් පහරකින් ඝාතනය වී මේ වන විට මාස 09 ගතවුවද, අද වනතෙක් ඔහු වෙනුවෙන් ඉල්ලා සිටි ලක්ෂ 50 ක වන්දි මුදලින් සත පහක්වත් සෞඛ්‍ය බළධාරීන් විසින් ලබා දී නොමැත. අඩුම වශයෙන් ඔහුට අග්‍රහාර රක්ෂණයෙන් ලැබිය යුතු වන්දි මුදල ද මේ වන තෙක් ලැබි නොමැති වීම බරපතල අසාධාරණයකි.
එසේම ලොව පුරා දරුණු වසංගතයක්ව පැවති සූකර උණ H1 N1 නැමැති වයිරස් රෝගය අංගොඩ රෝහලේ හෙද නිළධාරීන් 05 දෙනෙකුට හා කණිෂ්ඨ සේවකයෙකුට වැළදුණු අතර, එයින් කිසිදු අයෙකුට අඩුම තරමින් වෙනත් විශේෂ රෝග වලට ලබාදෙන "විශේෂ නිවාඩු” වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන ලදි.
මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඉහල සෞඛ්‍ය බළධාරීන් තමන් නියෝජනය කරන වෛද්‍ය සේවාවට පමණක් සලකන බව ඉතා පැහැදිලිය. ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් නිර්මාණය කිරීම ස`දහා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සමානව සලකන ප්රතිපත්තියකින් කටයුතු කල යුතු බව පැහැදිලිය.
නමුත් අද පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිළධාරිවාදය රජකරන බවත්, එය වෛද්‍ය සේවාවේ අවශ්‍යතා පමණක් ඉටුකරන අමාත්‍යාංශයක් බවට පත්වී ඇති බවත් පැහැදිලි වන අතර, මෙම තත්ත්වය වහා වෙනස් කල යුතු බව අප සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයාට අවධාරණය කරන්නෙමු.
ස්තූතියි.
මෙයට විශ්වාසී,
සමන් රත්නප්‍රිය
සභාපති

No comments:
Post a Comment