Tuesday, March 19, 2013

කාඩයන්ගේ උපාය

කාඩයන්ගේ උපාය

Buddhist-monk-attackedනවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයක අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේ නමකට සිවුරෙන් ඇද උන්වහන්සේට පහර දෙන වීඩියෝ දර්ශන අද (18) බොහෝ වෙබ් පිටුවල දකින්නට ලැබිණ. පත්බේරියේ ඥාණාලෝක නැමැති මෙම භික්ෂුන් වහන්සේ 16 වැනිදාපත්ජුවර් හී පිහිටි හින්දු කෝවිලකට වැඩම කළ අවස්ථාවේ මැරයින් පිරිසක් පැමිණ උන්වහන්සේගේ සිවුරෙන් ඇද පහර දෙන ආකාරය එම වීඩියෝ දර්ශනවල පැහැදිලිව දැක්වෙයි. උන්වහන්සේ බේරා ගන්නට තවත් කිහිප දෙනෙක් මැරයන් සමග පොර බදන ආකාරයක්ද පෙනේ. භික්ෂූන් වහන්සේට පහර දුන් මැරයන් දස දෙනෙක් එම අවස්ථාවේ දී ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් වාර්ථා වේ.
Hesaraya-3කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඉන්දියාවේදී පහරකෑමකට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. හීසර ලියන 18 දහවල් අපට වාර්ථා වූයේ තවත් ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේ නමකට චෙන්නායිවලදී පහර දී තිබෙන බවයි. මහනුවර ප්‍රදේශයේ සිට වන්දනාවේ ගිය 20 දෙනෙකුගෙන් යුක්ත සිංහල පිරිසක් සමග සිටි භික්ෂූන් වහන්සේ නමකට මෙසේ පහර දී තිබෙන බව වාර්ථා වේ.
ඉන්දියාවේදී ලාංකීය බැතිමතුන් විවිධ ස්ථානවලදී මැරයින්ගේ අතවරයට ලක් වූහ. මීගමුවේ සිට බරණැස වන්දනාවේ ගිය පිරිසක් පසුගිය වසර අවසානයේදී පමණ පහරකෑමට ලක්වූහ. බොදු විහාරයක් අසල රැදී සිටින එල්.ටී.ටී.ඊ හිතවාදී කාන්තාවක් එම විහාරය වන්දනාමාන කිරීමට පැමිණෙන සිංහල බැතිමතුන්ට අපහාස වන ආකාරයට හැසිරෙන බවත්, පූජා කරන්නට ගෙන එන නෙලුම් මල් උදුරා විසි කරන බවත් අප සමඟ පැවසුවේ එම වන්දනා ගමනට එ
Hesaraya-2ක් වූ කතරගම ‘ලක්බිම’ වාර්තාකාර කේ.ඩී. දේවප්‍රිය මහතායි.
පසුගිය දිනවලදී ඉන්දියාවේ පිහිටි ශ්‍රි ලංකන් ගුවන් සමාගමට කොටි හිතවාදීන් විසින් පහර දුන්හ. ශ්‍රී ලාංකීය ව්‍යාපාරයකට හා බැංකුවකටද පහර දී අලාබ හානි සිදු කළ බව වාර්තා විය.

ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ලොකු අයියා යැයි සමහරු කියති.  ඒ නිසා උඩින් ඇවිත් පරිප්පු දැම්මේය. ඒ කොටි ත්‍රස්තවාදීන්ටය. කොටින්ට තමිල්නාඩු කඳවුරුවලදී දී ගිනි අවි පුහුණුව ලබා දුන්නේය. ඒ කුඹුරු කොටන්නට නොවේ. අපිට වෙඩි තබන්නටය. ලොකු අයියා හැම තිස්සේම පොඩි මල්ලිට ටොකු ඇන්නේ ය. අනින හැම ටොක්කක් ගානේ
Hesaraya-1 පොඩි මල්ලි කරබා ගත්තේය. ඒ නිවටකමට නොවේ. ඉවසීමෙන් සැනසීමක් ලැබෙන බව සිතාය. එහෙත් ලොකු මල්ලිගේ රටේ ඉන්න කාඩයන්ගෙනුත් අපිට ගුටි කන්නට සිදු වී තිබීම ඉවසීමේ රතු ඉර පැන්නීමට තරම් කාරණාවක් වුවත් තවත් ඉවසන්නට අපිට සිදු වී තිබේ.  
ලොකු අයියාගේ තුරුලේ නැලවුණ කොටි ත්‍රස්තවාදී ප්‍රභාකරන් ශ්‍රී ලංකාවේ ගම්බිම් පිටින් විනාශ කළේය. ගෙවල්, දොරවල්වලට ගිනි තැබූහ. ලක්‍ෂ ගණනක් මරා දැමූහ.දේශපාලන,ආගමික නායකයින් රැසක්ද ඒ අතර වූහ. ඉන් නොනැවතී කෝටි ගණන් අලාභහානි සිදු කළේය. එපමණක් නොව තමන් කිරි පොවා ඇති දැඩි කළ කොටියාම එම රටේ අගමැතිවරයාද මරා දැම්මේය.මේසා අපරාධ කරමින් තිස් වසරක් මේ රට ලේ විලක් කළ ලේ පිපාසිතයාගේ මරණයෙන් පස්සේ උගේ ගෝලබාලයන් ගේ සෙවනැලි තවමත් ලොව පුරා හොල්මන් කරයි. ඒ හොල්මන්කාරයින්ගේ ප්‍රහාරවලට මේ අන්දමට මුහුණ දීමට ශ්‍රී ලාංකික සිංහල ජනතාවට සිදු වී තිබේ. Hesaraya-4
මෙතැනදී මෙම හොල්මන්කාරයින්ගේ උපක්‍රමවලට අප අසුවිය යුතු නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ රටේ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් යළි ඇ
ති කොට ශ්‍රී ලංකාව බේද භින්න වූ ජාතීන් වාසය කරන බව ලොවට පෙන්වීමටය. ඉන්දියා‍නුවෝ බොහෝ දෙනා මේ රටේ ජීවත් වෙති. ව්‍යාපාර පවත්වා ගෙන යති. ආනයන, අපනයන වෙළෙඳාමේ යෙදෙති. මිත්‍රශීලී ලෙස ජීවත් වන සිංහල, දෙමළ, හින්දු සහ මුස්ලිම් ජාතීන් අතරේ ගැටුම් ඇති කරවීම මොවුන්ගේ අරමුණයි.
සිංහලයන් බොදු භික්ෂුවට බොහෝ‍ ගෞරව කරන බව ඔවුන් දනිති. සිංහල වන්දනාකරුවන්ට පහර දීමේ ඉලක්කයක් වූයේ සිංහලයන් ඉන් කුපිත කරවීමයි. කුපිත වන සිංහලයන් අතින් දෙළ ජනතාවට පීඩා කරවීමය. නමුත් එවැන්නක් සිදු නොවීය. දැන් ඔවුන් බලන්නේ සිංහල, බොදු භික්ෂූන්ට පහර දී ආගමික ගැටුම් අවුළුවාලන්නට විය හැක. බොදු භික්ෂූන්ට දිගින් දිගටම මේ ආකාරයට ඉන්දියාවේ දී හිරිහැර සිදු කිරීම හරහා ලං
Hesaraya-5කාවේ කෝවිල්වල සිටින පූසාරිලාට සිංහලයන් හරහා අඩම්තේට්ටම් කරවීම මෙම උපාය විය හැක.
හලාල් ප්‍ර
ශ්නයක් ඇද ගෙන මුස්ලිම්, සිංහල ජනතාව අතරේ බේදබින්න වූ සමාජයක් ගොඩ නංවන්නට මුස්ලිම් අන්තවාදීන් සූදානම් වන අවස්ථාවක බෞද්ධ භික්ෂූන්ට ඉන්දියාවේ දී හිරිහැර කරමින් ඔවුන් ‍බලාපොරොත්තු වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු වර්ගවාදී ගැටුම් ඇති කර වන්නට ය. රටේ අද යුද්ධයක් නැත. එය Hesaraya-6සැනසීමට කාරණාවකි. එහෙත් රට තුළ ගැටළු දවසින් දවස විවිධ මුහුණුවරින් එළි දකී. ඒ අතරේ ජිනීවා මානව හිමිකම් කොමිසම උත්සහ දරන්නේ ශ්‍රී ලංකාවේ අතපය කට ගැට ගසා බටහිර බලවත් ජාතීන්ගේ දේශපාලන මතවාද මේ රටේ වපුරන්නටය. ඒවාට උඩගෙඩි දෙන සිංහල දේශපාලනඥයෝද මේ රටේ අඩු නැත. ආර්ථික ප්‍රශ්න මැද්දේ ජනතාව විවිධ ජීවන ගැටළුවලට මුහුණ පා සිටිති. එවැනි වාතාවරණයක් යටතේ ඉන්දියාවේ කොටි හිතවාදීන් සහ මුස්ලිම් අන්තවාදීන් කූඨ ලෙස උත්සහ කරන්නේ නිදා සිටින කොටියාට හිරිහැර කරමින් ඌ අවදිකරවන්නට ය. අවදි කරවා ඌ ලවා මිනිසුන් සපා කෑමකට ලක් කර ඒ සතාට වෙඩි තබා මරා දමන්නටය. එබැවින් සිංහල ජනතාව ඉතා ඉවසීමෙන් සහ නුවනින් හැසිරිය යුතු අවස්ථාවක් වශයෙන් වාර්තමාන වාතාවරණය මට පෙනේ.

No comments:

Post a Comment