Tuesday, March 19, 2013

භික්ෂුවට පහරදුන්නාට සැක 3ක් ඉන්දීය පොලීස් අත්අඩංගුවට

භික්ෂුවට පහරදුන්නාට සැක 3ක් ඉන්දීය පොලීස් අත්අඩංගුවට

භික්ෂුවට පහරදුන්නාට සැක 3ක් ඉන්දීය පොලීස් අත්අඩංගුවට

March 20, 2013  09:15 am
ඉන්දියාවේ චෙන්නායි දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමකට පහරදීමේ චෝදනාව මත සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

ඉන්දියාවේ චෙන්නායි හි මධ්‍යම දුම්රිය ස්ථානයේදී පසුගිය 18 වැනිදා ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් පහරදී පලාගොස් තිබුණි.

දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි භික්ෂුන් වහන්සේ නමකට මෙම ප්‍රහාරය එල්ල විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෙන්නායි පෙරියමඩු පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ අනුව “නාන් තමිලර්” නැමැති පක්ෂයට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පෙරියමඩු පොලිස් ස්ථානය අසළ රැඳි සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අන්බන් (26), සරවන ප්‍රකාශ් (29) හා ප්‍රභාකරන් නැමැති (24) නැමැති තරුණයින් තිදෙනෙකි.

සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ ලාංකික භික්ෂුන් වහන්සේ නමක් දුම්රියේ සිටින බවට එහි සිටි අයෙකුගෙන් තමන්ට තොරතුරක් ලැබුණු බවයි.

ඒ අනුව උන්වහන්සේට අවවාදයක් දීම සඳහා ගිය අවස්ථාවේදී ස්වාමින් වහන්සේ ‍නොසැලකිලිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම නිසා මෙම පහරදීම සිදුවු බව ඔවුන් පොලීසියට පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් චෙන්නායි පෙරියමඩු පොලීසිය වැඩිදුර විමර්ශන කරයි. Bookmark and Share

No comments:

Post a Comment