අධිවේගී මාර්ගවලට අධි තාක්ෂණය.
2013 මාර්තු 19 අඟහරුවාදා- පෙරවරු 08:17
මෙරට අධිවේගී මාර්ග ජපානයේ සහාය ඇතිව නව තාක්ෂණික උපකරණවලින්
සංවර්ධනය කිරීමට පියවර ගැනෙනවා. විශේෂයෙන් වාහන ගමනාගමන කටයුතු නිරීක්ෂණය
සඳහා මෙන්ම මාර්ග සංඥා සඳහා අධිතාක්ෂණ උපකරණ මෙහිදී යොදා ගැනීමට නියමිතයි.
කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන අධිවේගී මාර්ගවල වාහන ගමනාගමනයට අදාළව උපදෙස්
ලබාදීමට ද මෙහිදී පියවර ගැනෙනවා. මේ සඳහා දත්ත එක්රැස් කිරීමට සහ
කළමනාකරණයට විශේෂ උපකරණ යොදා ගැනෙන අතර, රියදුරන්ගේ පහසුව සඳහා ඉලෙට්‍රොනික
සංඥා පුවරු ද යොදා ගැනෙනවා. මෙම අධිවේගී මාර්ග නවීකරණ කටයුතු සම්බන්ධයෙන්
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා සංවිධානය සමග ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹුණා.
එහිදී ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට යෙන් මිලියන 940ක ආධාරයක් ලබාදීමට
නියමිතයි.
No comments:
Post a Comment