සිරුරට අහිතකර පුවක් ගෙන්වන්න දෙන්න බෑ
ඒ අනුව බාබුල්, බීඩා, පන්පරාග් සහ මාවා වැනි ආනයනික පුවක් වර්ග තහනමට ලක් කෙරෙනු ඇති බව සඳහන්ය.
අදට යෙදී තිබෙන අන්තර්ජාතික මුඛ සෞඛ්‍ය දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පාසල් ආශ්‍රිතව ඇතැම් පිරිස් මෙම ආනයනික පුවක් වර්ග අලෙවි කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ද අනාවරණය කර ගෙන තිබේ.
මෙරට මුඛ පිළිකා හේතුවෙන් දිනකට මරණ 03ක් පමණ වාර්තා වන අතර වෛද්‍යවරු පෙන්වා දෙන්නේ මෙම පුවක් වර්ග හේතුවෙන් එම තත්ත්වය වර්ධනය වීමේ අවධානමක් ඇති බවයි.
මෙවැනි පුවක් වර්ග ආනයනය කරන පුද්ගලයන්ට එරෙහිව නිතිමය පියවර ගැනිම සදහා අවශ්‍ය ප්‍රතිපාදන, දුම්කොළ හා මද්‍යසාර පාලන පනතට ඇතුළත් කිරීමට ද කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
No comments:
Post a Comment