හාමුදුරුවන්ට පහර දුන් 8ක් අල්ලයි |
තන්ජාවුර් සහ ට්‍රිචි යන ප්‍රදේශවලදී පසුගිය
සෙනසුරාදා ශ්‍රී ලංකානු හාමුදුරුනමකට පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයන් 8
දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. මෙම හිමිනම සහ තවත් සිසුන් කණ්ඩායමක් පුරා විද්‍යා ගවේෂණයක් සදහා යන අවස්ථාවේ මෙසේ පහරදීමට ලක් වී ඇති වී තිබෙන බව විදේශ වාර්තා පවසා සිටී තමිල්නාඩු ප්‍රාන්තයේ තන්ජවුර්හි පිහිටි ශ්‍රී බි්‍රතාදීශ්වරාර් කෝවිල අසලදී පෙරේදා (16දා) මෙම පහරදීම සිදුව තිබේ.ඥානාලෝක හිමියන්ද ඇතුළුව ගවේෂණ කටයුතුවල නිරත රටවල් කිහිපයකට අයත් සිසුන් 19 දෙනකුගෙන් සමන්විත ගවේෂණ කණ්ඩායමක් කෝවිල අවට ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල නිරත සිටියදී 'MDMK' නාම් තමිලර් හා තමිල් දේශීය 'පොදුවිඩුමායි' යන පක්‍ෂ ක්‍රියාකාරීන් මෙම පහරදීමට සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි. |
Monday, March 18, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment