Published on Sunday, 17 March 2013
10:40
මෝල්ගස් ප‍්‍රහාරයකට
ලක්ව මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකයාගේ වන්දි මුදල් ලබාදීම සම්බන්ධයෙන් වන සියලූම
ලියකියවිලි වහාම ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට
නියෝග කර තිබේ.
පසුගිය වසරේ දී
ඩෙංගු මර්දනය සඳහා යාමේ දී නිවසක හිමිකරුවන්ගෙන් එම නිලධාරීයා පහරකෑමෙන් මියගියේ ය. එහෙත්
මේ වනතෙක් ඔහුගේ පවුලේ අය සඳහා වන්දි මුදල් ලබාදී නොමැත. එ් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ
ලියකියවිලි කැඳවා ඇති අතර, එ්වා ලැබීමෙන් පසු අමාත්‍ය මණ්ඩල
අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය.
No comments:
Post a Comment