Monday, March 25, 2013

March 25, 2013  06:20 pm


දුම්වැටිවල රූපමය අවවාදයට 95%කගේ සහය

Bookmark and Share
දුම්වැටි ඇසුරුම්වල සියයට 80ක් පමණ රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් කළ යුතු බව මෙරට ජනතාවගෙන් සියයට 90ක පමණ පිරිසකගේ මතය බව අනාවරණය වී තිබේ.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ සියයට 95.8ක පිරිසක් දුම්වැටි ඇසුරුම්වල සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමට හා ඊට සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා අද (25) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

පසුගිය මාර්තු පළමු වැනිදා සිට අදාළ අවවාද ඇතුළත් කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් විය.

No comments:

Post a Comment