Monday, March 18, 2013

ඇඟ උඩින් කෝච්චිය ගියත් මයිලකටවත් හානියක් වී නෑ

ඇඟ උඩින් කෝච්චිය ගියත් මයිලකටවත් හානියක් වී නෑ
හලාවත ඔස්ටින් ප්‍රැන්සිස්

රේල් පාරක් මැද නිදා සිටි පුද්ගලයකු මතින් දුම්රියක් ගමන් කළත් ඔහුට කිසිදු අනතුරක් වී නොතිබූ බව වාර්තා වේ. කොළඹ කොටුවේ සිට හලාවත බලා පෙරේදා (17දා) සවස ගමන් ගත් බලවේග කට්ටල දුම්රියක් නාත්තන්ඩිය දුම්රියපොළ පසුකර වලහාපිටිය දුම්රියපොළ කිට්ටුවට එන අතර එහි රියැදුරු දැක ඇත්තේ රේල් පාර මැද පුද්ගලයකු නිදා ඉන්නා බවයි.

ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් තිරිංග තද කළද දුම්රිය නතර වී ඇත්තේ රේල් පාරේ නිදිමින් සිටි පුද්ගලයා ද පසුකරය. ඒ අනුව එම පුද්ගලයා කෑලි කෑලි වී ඇතැයි සිතූ දුම්රිය සේවකයෝ එම සිරුර හෝ බාර ගැනීමට ඔහු සිටි ස්ථානයට ගියහ.

කෙසේ හෝ එවිට පිරිසට දැක ගත හැකි වූයේ පදම ඉක්මවා මත්වී සිටි ඔහු රේල් පාර මැද සුව නින්දක නියැළී සිටි බවයි. ඔහුව පොලිසියට බාරදීමට ගත් උත්සාහයද අසාර්ථක වූ පසු දුම්රිය යළි හලාවත බලා තම ගමන ඇරැඹීය. රෑ 9 දුම්රිය මේ නිසා ප්‍රමාද වී ඇති බව එම දුම්රියේ ආ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි එම්.එම්. ඇනීසිටස් සිල්වා මහතා කීය.

No comments:

Post a Comment