Tuesday, March 19, 2013

සැකසූ මස්‌ සෞඛ්‍යයට හානිකර විය හැකියි

සැකසූ මස්‌ සෞඛ්‍යයට හානිකර විය හැකියි

සොසේජස්‌, හැම් හා බේකන් වැනි සකස්‌ කරන ලද මස්‌ නිෂ්පාදන පරිභෝජනය හා මිනිසුන් ගේ මරණ අතර මධ්‍යස්‌ථ සම්බන්ධයක්‌ ඇති බව අධ්‍යයනයකින් හෙළි වේ. ඒ අනුව සකස්‌ කළ මස්‌ වැඩි වශයෙන් ආහාරයට ගත් පිරිස්‌ අදාළ අධ්‍යයන කාලය ඇතුළත මිය යැමට ඇති අවස්‌ථාව, එවැනි මස්‌ ආහාරයට නො ගත් පිරිස්‌වලට වඩා 44%කින් පමණ ඉහළ ය. ඔවුන් අතර හෘද රෝග, පිළිකා හා වෙනත් රෝගවලින් මිය යැම දැකිය හැකි ය.

මේ අධ්‍යයනය වසර දහ තුනක්‌ පමණ කාලයක්‌, යුරෝපයේ රටවල් දහයක ජීවත් වන මිලියන භාගයකට ආසන්න පිරිසක්‌ නිරීක්‌ෂණය කිරීමෙන් සිදුකරන ලද්දකි. එහි දී අනාවරණය වී ඇති ආකාරයට, දුම්බීම වැනි පුරුදු නවතා දැමීම සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් පිළිවෙත් වන අතර, සකස්‌ කළ මස්‌ පරිභෝජනය අඩු කිරීම ද බෙහෙවින් වැදගත් වේ.

යහපත් සෞඛ්‍යයක්‌ සඳහා සකස්‌ කළ මස්‌ දෛනිකව පරිභෝජනය කළ යුත්තේ ග්‍රෑම් 20ක්‌ පමණක්‌ බව මෙහි දක්‌වා ඇත. මස්‌ සකස්‌ කිරීමේ දී එක්‌ කරනු ලබන ලුණු හා වෙනත් රසායනික ද්‍රව්‍ය නිසා මේ සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි බව විශ්වාස කරනු ලැබේ. (මූලාශ්‍රයBMCMedicine, DOI: 10.1186/1741-7015-11-63)

No comments:

Post a Comment