Saturday, March 16, 2013

Juggle chemicals


ටර්පන්ටයින්ද ඊතයිල්ද අවසන් තීරණය රස පරීක්‍ෂකට

Saturday, 16 March 2013 18:19 Editor
Hits: 37 SRILANKA NEWS
 
ටර්පන්ටයින් ලෙස සඳහන් කරමින් වියට්නාමයේ සිට ඊතයිල් ගෙනවිත් ඇතිබවට ආන්දෝලාත්මකව තිබෙන කන්ටේනර් දෙක විවර කිරීම සඳහා  ඊයේ (15) දිනයේ එය ගෙන්වූ බව කියන ව්‍යාපාරිකයා පැමිණ නැති බව වාර්තාවේ. එ් අනවු අද (16) දින එම කන්ටේනරය විවෘත කර එහි සාම්පල රජයේ රස පරීක්‍ෂකට යැවිණි.
රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ එක්ව මෙම කන්ටේනර් දෙක විවෘත කර පරීක්‍ෂා කිරීමේ තීන්දුවකට පැමිණ ඇති බව රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ජගත් පී විජේවීර මහතා පැවැසීය.
සැක කටයුතු යැයි රේගු නිලධාරින්ද හඳුනාගත් කන්ටේනර් දෙකක් මෙසේ පරීක්‍ෂා කිරීමට නියමිත බව හෙතම සඳහන් කළේය.
මේ වනවිට අදාල කන්ටේනර් දෙක තොටළඟ පිහිටි රේගු ගුදමක ගබඩා කර ඇති අතර එ්වා ගෙන්වූ ව්‍යපාරිකයාට ඊයේ දිනයේ එහි පැමිණෙන්නැයි දන්වා තිබී ඇත.
එසේ වුවද එම ව්‍යාපාරිකයා ඊයේ දිනයේද පැමිණ නොතිබිණි. වරායෙන් පිටවූ කන්ටේනර් දෙක රේගු ගුදමට ගෙන යමින් තිබියදී සුරා බදු දෙපාර්තමේන්තුවද ඊතයිල් මධ්‍යසාර එහි අඩංගු බව කියමින් කන්ටේනර් දෙක අත්අඩංගුවට ගෙන තිබු බව රේගු ප‍්‍රකාශක හා රේගු අධ්‍යක්‍ෂ ලෙස්ලි ගාමිණි මහතා පැවැසීය.
නමුත් මෙම කන්ටේනර් දෙක තවමත් විවෘත කර නැති බව හෙතම සඳහන් කළේය.

No comments:

Post a Comment