Wednesday, May 1, 2013

Wednesday, 01 May 2013 06:40

ලේ හලා පැය 8ක් දිනාගත් මැයි දිනය

AddThis Social Bookmark Button
1886 මැයි 4 වැනිදා ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ වැඩ වර්ජනයක්‌ සමග පැවැත් වූ විරෝධතාවයට එල්ල වු බෝම්බ ප්‍රහාරයත් සමග වෙඩි තැබීමක්‌ද සිදුවීමෙන් පොලිස්‌ නිලධාරීහු හත්දෙනෙක්‌ මියගියහ. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ වැඩ වර්ජකයන්ය. ඉන් එක්‌ අයකුට බෝම්බයක්‌ නිෂ්පාදනය කළේය යන චෝදනාව එල්ල වීය. නඩු විභාගය අවසානයේදී හත්දෙනකුට මරණ දඬුවම නියම විය. එක්‌ අයකුට වසර 15 ක සිර දඬුවමක්‌ පැනවුණි. මරණ දඬුවම නියම වූවන්ගෙන් දෙදෙනකුට ඉලිනොයිස්‌ ආණ්‌ඩුකාර රිචඩ් ඩිප්ල්ස්‌ච් විසින් ජීවිතාන්තය තෙක්‌ සිරගෙට නියම කෙරුණි. තවත් අයෙක්‌ සිරගෙයි තුළදී දිවි නසා ගත්තේය.
1887 නොවැම්බර් 11 වැනිදා සිව් දෙනකු එල්ලා මරා දමනු ලැබීය. එහෙත් 1893 දී නව ආණ්‌ඩුකාර පීටර් ඇල්ගෙයිඩ් එලෙස සිරදඬුවම් නියම වු පිරිසට සමාව දී නඩු විභාගය පැවැත් වූ ආකාරය ගැන දෝෂාරෝපනය කළේය. හෙල්මාර්ක්‌ සිද්ධිය නමින් හඳුන්වනු ලැබු මෙය ජාත්‍යන්තර මැයි දිනය ආරම්භ වීමට මග පාදනු ලැබීය. ලෝකයේ වැඩ කරන කම්කරු ජනතාවගේ ෙඓතිහාසික දිනය බවට මැයි 1 දා නම් කෙරුනේ මෙලෙස චිකාගෝ විරෝධතාවය සැමරීම සඳහාය.
1873 සහ 1875 අතර සමයේ ඇමරිකාවේ චිකාගෝ නුවර කර්මාන්ත සංවර්ධනය වඩාත් වර්ධනය වුණි. දසදහස්‌ ගණනක්‌ විදේශීය සංක්‍රමිකයෝ චිකාගෝ නගරයට පැවැති අතර ඔවුන්ට දිනකට ගෙවනු ලැබුවේ ඩොලර් 1.50 කි.
මේ වැටුප යටතේ කම්කරු ජනතාවට පැය 9 සිට පැය 14 දක්‌වා වැඩ කිරීමට සිදුවිය. මේ නිසා කම්කරු ජනතාව සිය ඉල්ලීම් ඉල්ලා විරෝධතා දක්‌වන්නට වූහ. 1884 දී වෘත්තීය සමිති සම්මේලනය විසින් 1886 මැයි 1 සිට පැය අටේ වැඩමුරය ක්‍රියාත්මක විය යුතු බවට යෝජනාවක්‌ සම්මත කෙරුණි.ඒ. අනුව නිව්යෝර්ක්‌හි, ඩිට්‌රොයිට්‌, විස්‌කොන්සින්a සහ චිකාගෝ යන නගරවල කම්කරුවෝ වැඩ වර්ජනය කරමින් මහමගට පැමිණියහ.
ඩිට්‍රොයිට්‌ නගරයේ පමණක්‌ 11000 කට අධික කම්කරුවන් වැඩ නතර කළහ. අනතුරුව මැයි 4 වැනිදා චිකාගෝහි හෙල්මාර්ක්‌ චතුරශ්‍රයේදී විරෝධතා රැලියක්‌ ආරම්භ විය. වෘත්තීය සමිති නායකයන් විසින් වැඩ වර්ජකයන් අමතා දේශන පවත්වන අවස්‌ථාවේ පොලිස්‌ කොමසාරිස්‌ ජෝන් බොන්විල්ට්‌ ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ පැමිණ කම්කරුවන්ට විසිර යන්නැයි උපදෙස්‌ දෙනු ලැබීය.
මේ අවස්‌ථාවේ අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වූ අතර වෙඩි හුවමාරුවක්‌ද සිදුවීය. මෙම අත්බෝම්බ ප්‍රහාරය කම්කරුවන් වෙත එල්ල කර ඇත්තේ පාලකයන්ගේ ආධාර කරුවන් බව පසුව වාර්තා විය.
1886 මැයි 4 දා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත පැවසූවේ කම්කරුවන් විසින් පොලිසියට වෙඩි තැබූ බවයි. එහෙත් ඉතිහාසඥ්ඥ පොල් අවිච් පැවසූවේ දිවයන කම්කරුවන්ට පොලිසිය වෙඩි තැබූ බවයි. නිව්යෝක්‌ පුවත් පත කම්කරුවන් විසින්පොලිසියට වෙඩි තැබූ බව පැවසූවත් ඔහුන් ළඟ තුවක්‌කු පොලිසියට හමුවූයේ නැත. මෙහිදී පොලිස්‌ නිලධාරීන් හත්දෙනෙක්‌ හා කම්කරුවන් සිව්දෙනෙක්‌ එහිදී මියගිය බව අනාවරණය විය.
චිකාගෝ හෙරල් පුවත්පත පැවසූවේ මෙකී සිද්ධිය ඛේදවාචකයක්‌ බවත් තුවාල ලත් කම්කරුවන් වීදිවල වැටී සිටි බවත්ය.ඉන්පසු පොලිසිය විසින් කම්කරුවන් පසුපස හඹායාම ආරම්භ කෙරුණි. අත්අඩංගුවට ගනු ලැබුවන් සම්බන්ධ පවත්වනු ලැබූ නඩු විභාගයද පරස්‌පර විරෝධී ලෙස පවත්වා තිබේ. අවසානයේදී මරණ දඬුවම නියම වූවන්ගෙන් එක්‌ අයකු වූ ලින්ස්‌ තම සිර මැදිරිය තුළදී සිය දිවි නසාගත්තේය. එහෙත් 1887 නොවැම්බර් 11 වැනිදා එක්‌නල් - පිචර් - පාසන් යන ස්‌පයිස්‌ යන සිව්දෙනා එල්ලා මරා දමනු ලැබීය. ඔවුන්ව එල්ලුම් ගහට ගෙනයන අවස්‌ථාවේ ජාත්‍යන්තර විමුක්‌ති ගීතය වු මාසේලි ගීය ගයනු ලැබූ බව වාර්තා විය.
මෙම සිව්දෙනාව අත්අඩංගුවට ගෙන තිබුණේ බෝම්බ නිෂ්පාදනය වෙනුවෙනි. එහෙත් ඔවුන් ළග බොම්බ හමු වී නැත.පොලිසියට බෝම්බ තැනූ නියම බෝම්බකරු අධිකරණය වෙත ගෙන ඒමටද පොලිසියට නොහැකි වීය. හෙල්මාර්ක්‌ සිද්ධියේදී මියගිය පොලිස්‌ නිලධාරීන්ව සිහිපත් කිරීම සඳහා චිකාගෝ නගරයේදී ස්‌මාරකයක්‌ ඉදිකරනු ලැබීය. එහෙත් 1968 මැයි 4 වැනිදා ඊට කළුතෙල් ප්‍රහාරයක්‌ එල්ල වීය.
චිකාගෝ නුවර කම්කරුවන් විසින් පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ වැඩවර්ජනයේදී හැලූ ලේ චිකාගෝ නගරය පුරා ගලා ගියේය.එදා කම්කරු ජනතාව වැගිරූ රුධිරය නිසා පැය අටේ වැඩමුරය රටවල් රැසකදී ක්‍රියාත්මක වීය. මේ පසුබිම යටතේ ලෝකයේ රටවල් රැසක්‌ අද මැයි දිනය නිවාඩු දිනයක්‌ බවට පත්කර දිවිපිදූ කම්කරු ජනතාව සිහිපත් කරති.
විශේෂයෙන් රුසියාව, චීනය උතුරුකොරියාව හා ලතින් ඇමරිකානු රටවල ජනතාව ලක්‍ෂ ගණනක්‌ මැයි දිනය උත්කර්ෂවත් ලෙස සමරති. මෙලෙස වැඩ කරන ජනතාව වෙනුවෙන් ලොව රටවල් රැසක්‌ නීතිරීති පනවමින් ඉල්ලීම් ලබාදී ඇතත් ඇතැම් රටවල් තවදුරටත් යල්පැනගිය නීතිරීති ක්‍රියාත්මක කරති. 1955 දී වතිකානුව විසින් මැයි 1 දා දිනය කම්කරු ජනතාවගේ සාත්තුවරයා වූ ජෝශප් වෙත කැප කරනු ලැබීය.
ස්‌පාඤ්ඤය ජර්මනිය යන පෘතුගාලය යන රටවල් මැයි 1 දා නිවාඩු දිනයක්‌ කිරීම අවලංගු කර ඇති අතර ඇමරිකාව මැයි 1 දා සහයෝගිතා දිනය ලෙස නම් කර ඇත

No comments:

Post a Comment