උපත්පාලන පෙති ගෙනා අපරාධකරුවන්ගේ ඉඩම් රාජසන්තක කරනු
- රාවනා බලය
2013 මැයි 06 03:00 p:m
කෝටි
ගණනක වටිනාකමකින් යුත් උපත්පාලන එන්නත් හා පෙති වර්ග ගෙන්වීමේ ජාවාරමට
හවුල් සියළු දෙනාගේ දේපළ රාජසන්තක කර දඩුවම් ලබා දිය යුතුව ඇතැයි රාවනා බලය
සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ පවසයි. රටේ නීතියට පටහැනිව උපත් පාලන එන්නත් හා පෙති ගෙන්වූ පකිස්ථාන්
ජාතිකයෙක් වරාය නිළධාරීන්ට හසු වූ මුල් අවස්ථාවේදී නීතිය ක්රියාත්මක
කරනවා වෙනුවට ඔහුට දැඩිලෙස අවවාද දී රුපියල් 10000ක දඩයක් නියම කර නිදහස්
කිරීමට ඔවුන් ක්රියාකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධතාවය දක්වන බවද හිමියෝ
කීහ. එම සිදුවීමෙන් සතියක කාලයක්
ඉක්ම යාමට පෙර නැවත රුපියල් කෝටි 3 වටිනාකමකින් යුත් උපත් පාලන එන්නත්
තොගයක් අල කන්ටේනරයක සඟවා මෙරටට ගෙන ආ පකිස්ථානු ජාතිකයෙක් අත් අඩංගුවට
ගැනීමට සිදු වුයේ කළින් එම වරද කළ තැනැත්තාට එරෙහිව නීතිය ක්රියාත්මක
නොකිරීම හේතුවෙන් යැයිද උන් වහන්සේ පෙන්වා දෙයි.
No comments:
Post a Comment