මව්බිම දැන්
ප්‍රමිතියෙන් තොර ඔෟෂධ භාවිතයෙන් මරණය පවා සිදුවන්න පුළුවන් |
සඳුනි දේශප්‍රිය නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන නිසි ආරක්ෂිත ඇසුරුම් නැති ප්‍රමිතියෙන් තොර ඔෟෂධ භාවිත කිරීමෙන් මරණය පවා සිදුවිය හැකි යැයි ජාතික ඔෟෂධ පාලන අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි. මේ තත්ත්වය ඔෟෂධයෙන් ඔෟෂධයට වෙනස් විය හැකි අතර නියමිත උෂ්ණත්වයෙන් සහ ආර්ද්‍රතාවයෙන් තොරව ආනයනය කිරීම සහ ගබඩා කිරීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බව හෙතෙම සඳහන් කළේය. ප්‍රමිතියෙන් තොරව ගෙනෙන ඔෟෂධ භාවිතයෙන් රෝග සුව නොවීම සහ කිසිදු ගුණාත්මකභාවයක් නොලැබෙන බවත් එවැනි ඔෟෂධ අලෙවි කරන ඔසුසල් වැටලීම් සිදුකෙරෙන බවත් වෛද්‍ය බෙනරගම මහතා කීය. මේ වන විටත් සෑම දිස්ත්‍රික්කයටම ඔසුසල් හිමිකරුවන් සඳහා වැඩමුළු පවත්වන අතර ජාතික ඔෟෂධ පාලන අධිකාරියේ ලියාපදිංචි වී නියමිත ප්‍රමිතියෙන් තොරව ඔෟෂධ අලෙවි කරන ඔසුසල්වල ලියාපදිංචිය අහෝසි කිරීමට පවා පියවර ගෙන තිබෙන බවද ඔහු කීය. ප්‍රමිතියෙන් තොර ඔෟෂධ මෙරටට ගෙන්වීම සහ අලෙවි කිරීමට එරෙහිව ජනතාවගේ සහයෝගයද අවශ්‍ය වන බවත් ඔසුසල් වායුසමීකරණය කර තිබේද, ජාතික ඔෟෂධ අධිකාරියේ ලියාපදිංචි වී තිබේද යන්න සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් තොර සහ නීති විරෝධීව ඔෟෂධ මෙරටට ගෙනෙන පුද්ගලයන් සහ ඔසුසල්හිමියන් පිළිබඳව ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බව ජාතික ඔෟෂධ පාලන අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කරයි. |
No comments:
Post a Comment