Thursday, May 2, 2013

මෝටර් වාහන බලපත‍්‍ර ගාස්තු ඉහලට

මෝටර් වාහන බලපත‍්‍ර ගාස්තු ඉහලට
බස්නාහිර පළාතේ මෝටර් වාහන බලපත‍්‍ර ගාස්තු ඊයේ (01) සිට සියයට 10 කින් පමණ වැඩි කර තිබේ.
බස්නාහිර පළාත් මෝටර් ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලය පවසා සිටියේ මෙවර අයවැය යෝජනා අනුව මෙම ගාස්තු වැඩි වීම සිදු වු බවයි. ඒ අනුව වාහනයේ තාරබර ප‍්‍රමාණය අනුව එය සිදු කරන බව එම කාර්යාලය පවසා සිටියා.
ඒ අනුව මෝටර් රථ (පෙට්ට්‍රල් ) සඳහා රුපියල් 1300 ක් වශයෙන් පැවැති ගාස්තුව රුපියල් 2000 දක්වා ද මෝටර් රථ (ඩිසල්) සඳහා රුපියල් 2800 ක් වශයෙන් පැවැති ගාස්තු රුපියල් 3100 දක්වා ද වැඩි කර තිබේ.
ද්විත්ව කාර්ය වාහන (පෙට්ට්‍රල් ) සඳහා රුපියල් 1300 ගාස්තුව රුපියල් 2000 දක්වා ද ඩිසල් වාහන සඳහා රුපියල් 3200 ගාස්තුව රුපියල් 3500 දක්වා ද වැඩි වී තිබේ.
ත‍්‍රිරෝද රථ සඳහා බලපත‍්‍ර ගාස්තුව රුපියල් 500 සිට 750 දක්වා වැඩි වන අතර යතුරුපැදි බලපත‍්‍ර ගාස්තුව රුපියල් 450 සිට 700 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර මගී ප‍්‍රවාහන පෞද්ගලික බස්රථවල ආදායම් බලපත‍්‍ර ගාස්තු අයකිරීම ආසන සංඛ්‍යාව පදනම් කරගෙන සිදු කෙරෙන අතර ඒ අනුව එක් ආසනයකට රුපියල් 150 දක්වා වැඩි කර තිබේ.
More in this category: 




reCAPTCHA challenge image






Get a new challenge
Get an audio challenge
Help


back to top

No comments:

Post a Comment