සිගරට් අලෙවිය පහලට
ලංකා දුම්කොල සමාගමේ සිගරට් අලෙවිය අඩු වී තිබෙන බව නවතම දත්ත මඟින් අනාවරණය වී තිබේ.
ඒ අනුව 2013 මාර්තු කාර්තුවේදී සමාගමේ සිගරට් අලෙවිය ඊට ඉහත වසරේ අදාළ
කාලයට සාපේක්ෂව 24% කින් අඩු වී තිබේ. මේ අතර එම කාලයේදී ලාභය අඩු වී
තිබෙන්නේ 1.8% ක් වැනි සුළු ප්රමාණයකිනි.
සමාගම 2013 මාර්තු කාර්තුවේදී රුපියල් මිලියන 1,463 ක ලාභයක් ලබා තිබේ. සිගරට් අලෙවිය අඩු වි ඇතත් එහි මිල ගණන් වැඞී වීම ඇති නිසා ලාභය අඩු නොවී ඇත. මේ අතර පසුගිය මාර්තු කාර්තුවේදී සමාගම විසින් කොටසකට අදාළ රුපියල් 7,81 ක ලාභයක් ලබා තිබෙන බව වාර්තා කර තිබේ.

No comments:
Post a Comment