Tuesday, May 14, 2013

මව්බිම දැන්

පෞද්ගලික රෝහල් හා ෆාමසිවලින් කල් ඉකුත් වූ බේත් ගබඩා 6ක් සොයාගෙන
සඳුනි දේශප්‍රිය

කොළඹ, ගාල්ල, කුරුණෑගල, ගම්පහ සහ නුවර යන දිස්ත්‍රික්කවල පෞද්ගලික රෝහල් සහ ඔෟෂධ අලෙවිසල්වල සිදු කළ පරීක්‍ෂාවේදී කල් ඉකුත් වූ ඔෟෂධ අසුරා තබා ගත් ගබඩා හයක් හමු වූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික අධිකාරිය විසින් මේ දිස්ත්‍රික්ක පහේ පෞද්ගලික ආරෝග්‍ය ශාලා සහ ඔෟෂධ අලෙවිසල් 35ක් පමණ ඊයේ (13දා) වන විට පරීක්‍ෂාවට ලක් කර තිබේ.
ඉදිරියේදී මෙසේ කල් ඉකුත් වූ ඔෟෂධ හමුවූ ආරෝග්‍ය ශාලාවලට සහ ඔෟෂධ අලෙවිසල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා කීය.

දිගින් දිගටම තමා වෙත ලැබුණු මහජන පැමිණිලි මත මේ කල් ඉකුත් වූ ඔෟෂධ සොයා බැලීමේ වැටලීම් සිදුකළ බවත් දිවයින පුරාම ඇති සියලුම පෞද්ගලික ආරෝග්‍යශාලා සහ පෞද්ගලික
ඔෟෂධ අලෙවිසල් පරීක්‍ෂාවට ලක් කරන ලෙසට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ නියෝගයකට අනුව මෙය ක්‍රියාත්මක කළ බවත් සඳහන් කෙළේය.
2013-05-14 07:34:00

No comments:

Post a Comment