H1N1 ශරීරගත වු ගැබිණි මව්වරුන් 24 ක්
සෙම පටල පරික්‍ෂාවෙන් ඉන්ෆ්ලූවෙන්සා (H1N1) වෛරසය ශරීරගත වු
ගැබිණි මව්වරුන් 24 දෙනෙකු මේ මස පලමු වන දා සිට අටවැනි දා දක්වා කාලය තුළ
පමණක් වාර්තා වේ.
මෙම වෛරසය ශරීරගතව ඇති බවට සැක පල ගැබිණි මව්වරුන් 43 දෙනෙකු සෙම පටල
පරික්‍ෂා කර තිබේ. එයින් ගැබිනි මව්වරුන් 24 කට මෙම වෛරසය ශරීර ගත වී ඇති
බව තහවුරු වී තිබේ. ඒ අනුව මැයි මස 01 සිට 08 වැනි දා රෝගීන් 221 දෙනෙකු
සෙම පටල පරික්‍ෂා කර තිබේ. ඉන් පුද්ගලයින් 87 කට ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැලදී
ඇති බව වාර්තා වේ.
No comments:
Post a Comment