උතුරුමැද පළාත් රෝහල් කණිෂ්ඨ සේවකයෝ වැඩවරති
September 18, 2013 09:17 am
උතුරුමැද පළාතේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින සියලුම රෝහල් වල කණිෂ්ඨ සේවකයින් අද(18) උදෑසන සිට සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වර්ජනය අද උදෑසන 6.30 සිට පැය 24 ක කාලයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සඳහන් කරයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙය ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.
හෙට උදෑසන වන විට තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණහොත් යළි වර්ජනය ආරම්භ කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ශාඛා සභාපති ටෙරන්ස් ගාමිණී මහතා පවසයි.
No comments:
Post a Comment