Saturday, September 21, 2013
වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් කරන්න එපා
වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් කරන්න එපා
වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් රෝගීන් වෙත නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික ඔසු සල්වලට දන්වා සිටී.
නිවේදනයක් නිකුත් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ප්‍රතිජීවක අනිසි ලෙස භාවිත කිරීම තුළින් බැක්ටිරියා, වෛරස්, දිලීර හා පරපෝෂිතයන් එම ඖෂධවලට ඔරොත්තු දීමේ ප්‍රවණතාවයක් ඇති වන බව ය.
ඒ හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් අත්කර ගත හැකි ප්‍රතිඵල අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දැනට ලෝකයේ භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමත්, ඒ හේතුවෙන් විෂබීජ ඒවාට ඔරොත්තු දීම තුළින් තවත් වසර 20 කින් පමණ ලොව දරුවන් විවිධ රෝගා බාධවලට මිය යාමේ අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment