මහනුවර ස්කෑන් යන්ත්‍රය අබලන් වෙයි
හදිසි රෝගීන් වෙනත් රෝහල්වලට2013 සැප්තැම්බර් 20 04:35 p.m
මහනුවර
ශික්ෂණ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය ඉකුත් සඳුදා (16) සිට ක්‍රියා විරහිත
වීම හේතුවෙන් හදිසි හා අසාධ්‍ය රෝගීන් කුරුණෑගල සහ කොළඹ මහ රෝහල් කරා
පිටත් කර යවන්නට රෝහල් අධිකාරියට සිදු වී තිබේ. මහනුවර රෝහලේ වැඩ බලන වෛද්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා මෙම පුවත සනාථ කළ අතර ඔහු වැඩිදුරටත් පැවසූවේ සී.ටී.ස්කෑන් යන්ත්‍රයේ අළුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
මෙම
තත්ත්වය තුළ මාතලේ, දඹුල්ල, තෙල්දෙණිය, නාවලපිටිය, නුවරඑළිය, දික්ඔය සහ
ගම්පොළ ප්‍රධාන රෝහල්වලින් සී.ටී. ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කරන හදිසි
රෝගීන් භාර ගැනීම අත්හිටුවීමට මහනුවර ශික්ෂණ රෝහලට සිදු වී තිබේ. පුද්ගලික අංශයෙන් සී.ටී.ස්කෑන් පරීක්ෂණයක් සිදුකරවා ගැනීමට රුපියල් දසදහසකට ආසන්න මුදලක් වැය වෙතැයි වාර්තා වේ.
අශෝක එරමිණිගම්මන - දඹුල්ල
No comments:
Post a Comment