Saturday, September 28, 2013

වෙදකම වැරදී කතක් මරැට


තම වම් උරහිසේ ඇතිවූ ආබාධයකට පත්තුවක් බැඳීමට වෙදමහතෙකු හමුවී ප්‍රතිකාර ලැබ නිවසට පැමිනි විවාහක කතක් හදිසියේම සිහිසුන්ව බිම ඇද වැටී ඇති අතර ඇයව නිවැසියන් වහාම පොළොන්නරැව මහ රෝහලට ඇතුලත් කළද  ජීවිතය බේරා ගත නොහැකි විය.
අංක 36 විජයබාපුර පොළොන්නරැව පදිංවි වයස අවු.28ඒ. වසන්තා සමන් කුමාරි මියගිය කාන්තාවයි.
පසුගිය 21 දා පස්වරැවේ වෙද මහතෙකු හමුවී පත්තුවක් බැඳීම සිදුවී ඇති අතර අසාධ්‍ය වී රෝහලට ඇතුලත්  කළවිට හදිසි ප්‍රතිකාර ඒකකයේදී වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය ජීවිතය ගොඩ ගැනීමට ඇඩි වෙහෙසක් ගත්තද  එය අසාර්ථක විය.මේ කාන්තාව මීට පෙර හෘද ස්පන්දන අඩුවීමේ රෝගාබාධයකට හදවතට කෘතිම උපාංගයක් (pace maker) සවි කර ඇත.වෙදකමේදී එහි ස්ථාපිතය වෙනස් වීමෙන් මරණය වන්නට ඇති බව වෛද්‍යවරැ සැක පළ කරති.
ඇයගේ දේහය මේ වන විට රෝහලේ මෘත ශරීරගාරයේ තැන්පත් කර ඇති අතර හෙට දිනයේ මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරැව දේහය ඥාතීන්ට භාර දීමට නියමිත බව පොළොන්නරැව රෝහල් පොලීසියේ ප්‍රකාශකයෙක්  පැවසීය.

No comments:

Post a Comment