රට පුරා රෝහල්වලට වෛද්‍ය උපකරණ
ගන්න කෝටි 1200 ක් වැයවෙයි
- සෞඛ්‍ය ඇමැති කියයි
ජයන්තිපුර - උඩගෙදර
මේ වන විට දිවයින පුරා පිහිටි රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලට ගැනීම සඳහා
රුපියල් කෝටි 1200 ක මුදලක් වැයවන බවට ගණන් බලා ඇතැයිද එම යෝජනාව දැනටමත් මහා
භාණ්ඩාගාරය වෙත යොමුකර ඇති බව ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
දැනට රෝහල් සතුව ඇති උපකරණ දීර්ඝකලක සිට සේවයේ යෙදවීම නිසා ඒවා වැඩි ප්‍රමාණයක්
ක්ෂයවී ඇති බැවින් නවතම වෛද්‍ය උපකරණ මිලට ගැනීම සඳහා එලෙස ගණන් බැලූ බවද කීය.
මෙරට වෛද්‍යවරුන් විදේශීය මට්ටමේ විශේෂ පුහුණුවීම් ලබා නැවත මව්බිමට පැමිණි පසු
ලංකාවේ රෝහල්වල කටයුතු කිරීමට අඩුපාඩු වේ. එනම් විධිමත් වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන්
ඔවුන් ලැබූ පුහුණුවට සරිලන අයුරින් සේවාවක් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතී.
එවැනි විශේෂඥ පුහුණුවීම් ලද වෛද්‍යවරු දුෂ්කර පළාත්වල සේවය සඳහා යෙදවුවද ස්ථාන
මාරුවීම් අවලංගු කර නැවත කොළඹට පැමිණීම බරපතළ ප්‍රශ්නයක් බවද ඇමැතිවරයා පෙන්වා
දුන්නේය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබන (2014) වසරේදී මිලදී ගැනීමට
අදාළ යෝජනාව භාණ්ඩාගාරය වෙත යොමු කළ බව ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment