Saturday, September 28, 2013

උපහාර උළෙලේදී බහුජාතික සමාගම් සමග ඇමති මෛත‍්‍රී සටනකට සැරසෙයි


උපහාර උළෙලේදී බහුජාතික සමාගම් සමග ඇමති මෛත‍්‍රී සටනකට සැරසෙයි
දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන බවට තොරතුරු දැන ගත් ඇතැම් බහුජාතික සමාගම් තමා හමුවීමට ප‍්‍රබල උත්සාහයක නිරත වූ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන පසුගියදා (23) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා කියා සිටියේ බහුජාතික සමාගම්වල අවශ්‍යතාවයන්ට තමා ඉඩ ලබා නොදුන් බවයි. තමන් දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පිළිබද කෙටුම්පත සකස් කරන අවස්ථාවේ දුම්වැටි සමාගම්වල නියෝජිතයන් රැසක් තමන් මුණ ගැසීමට පැමිණි බවත්, ඔවුන් හමුවීම ප‍්‍රතික්ෂේප කළ බවයි. ඔවුන් හමුවූයේ නම් තමන්ට දරුවන් සමඟ සතුටින් ජීවත් විය හැකි රාජ්‍යයක යහමින් කල් ගත කිරීමට අවස්ථාව තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුනි. නමුත් රටත්, රටේ අනාගත පරපුර වෙනුවෙනුත් එවැනි පාවාදීමක් සිදුනොකළ බව අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.   
දුම්වැටි දවටනවල රූපමය අවවාද ඇතුලත් කිරීමට අදාල ගැසට් පත‍්‍රය බලාත්මක කිරීම සඳහා දිවිහිමියෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එවැනි කටයුත්තක් වෙනුවෙන් තමන් වැනි කුඩා මිනිසෙකුට තනිව සටන් කළ නොහැකි වුවත් ඒ වෙනුවෙන් තවත් පිරිසක් තමන් වටා රොක්වනු ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
                           ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටවල් 194ක් අතුරින්ලෝක දුම්වැටි නිවාරණ දින2013 විශිෂ්ඨතා සම්මානයෙන් හා ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින්පිරිනමන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ2013 ජගත් නායකත්ව සම්මානයෙන් පිදුම් ලද සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනමහතා ඇගයීම නිමිත්තෙන්  පොළොන්නරුව ප‍්‍රදේශයේ පාසල් 3 ක් උපහාර උත්සවයක් සංවිධාන කර තිබූ අතර, පොළොන්නරැව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේපැවති උපහාර උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
මෙයි ආරාධිත දේශනය සිදු කරනු ලැබූයේ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ථානයේ (ඇඩික්) විධායක අධ්‍යක්ෂ හා රජරට හා කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පුබුදු සුමනසේකර මහතා විසිනි.
මේ අවස්ථාවට, උතුරැ මැද අධ්‍යාපන හා තොරතුරැ තාක්ෂණ අමාත්‍ය පේසල ජයරත්න, උතුරැ මැද ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරැව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරැන්ද ආදි සිසු සිසුවියන් මෙන්ම දෙමාපියන් හා පාසල් දූදරැවන් රැසක් ද සහභාගී වී සිටියහ


No comments:

Post a Comment