ම්ලේච්ඡ කොටි ත්රස්තයන් විසින් ඝාතනය කර වසර 19 කට පසු දිඹුලාගල
ආරණ්‍ය සේනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම සීලාලංකාර හිමියන් සිහිකර හිමියන්ගේ
පිළිරැවක් මනම්පිටිය මඩකලපුව හංදියේදී ඉදි කිරීමට යයි.
පළාතේ සිංහල,මුස්ලිම්,දෙමළ යන සියළු ජනතාව සමග ඉතා සමීපව
දිඹුලාගල ප්‍රදේශයට මහත් මෙහෙයක් කළ හිමියන් ජනතාවගේ ප්රසාදයටලක් විය.
අප වෙත අදහස් දැක්වූ වර්තමාන ආරණ්‍ය සේනාධිපති මල්
දෙනියේ ජිනාලංකාර හිමියන්,පොළොන්නරැව පුරා කළ සාසන මෙහෙවර වෙනුවෙන් සීලාලංකාර
නාහිමියන් බොහෝ විට පයින්ම වැඩම කරන විට
එදා සීලාලංකාර නාහිමියන්ට තිරික්කලයක් පූජා කළ සථානයේ ඒ හිමියන්ගේ පිළිරැවක් ඉදි කරන බව පැවසීය.
මුල් ගල් තැබීමේ අවස්ථාවට ආදි වාසී නායක ඌරැ වරිගේ වන්නිල ඇත්තෝද පැමිණ සිටියහ.
No comments:
Post a Comment