Monday, September 30, 2013

මාරාන්තික වකුගඩු රෝගයේ හේතුව හොයන්න තීන්දුවක්

2013 සැප්තැම්බර් 30 04:15 p.m
Wakugaduදැනට උතුරු මැද පළාතේ පැතිරීගෙන යන හඳුනා නොගත් වකුගඩු රෝගය සම්බන්ධයෙන් නිෂ්චිත හේතුවක් සොයා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත. මේ වන විට හදුනා නොගත් වකුගඩු රෝගය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් කර තිබෙන පර්යේෂණ වාර්තාවන් සැලකිල්ලට ගනිමින් හෝ තම සංගමයේ සාමාජිකයින් සහභාගි කරවා ගෙන විශේෂ පර්යේෂණයක් කිරීමට හෝ සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත.
මේ වන විට නිකුත් කර තිබෙන පර්යේෂණ වාර්තාවන් හී විවිධ හේතූන් සඳහන් කර තිබිම ගැටළු සහගත තත්ත්වයක් බැවින් මෙය රෝගී ජනතාවට ප්‍රතිකාර කිරීමේදී හෝ ජනතාව රෝගයට ගොදුරු වීම වලක්වා ගැනීමේදී හෝ ගැටළු සහගත තත්තවයක් මතු විය හැකි බව සංගමය පෙන්වා දේ. මේ සඳහා වන ප්‍රධාන හේතුව හෝ ප්‍රධාන හේතූන් කුමක්ද යන්න පිළිබඳව සොයා බලා එයට විසදුම් ලබා දීමට අවශ්‍ය කටයුතු කිරීමට සංගමයේ විධායක කමිටුව ඒකමතික තීරණය කළේය.
ශ්‍රියානි විජේසිංහ

Saturday, September 28, 2013


පරිපූරක වෛද්‍ය සේවා පුරප්පාඩු 1000 යි ඉල්ලුම්පත් 310 යි

ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වල රැකියා ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් මෙතෙක්‌ රජයේ විශ්වවිද්‍යාලවලින් පිට වූ පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීහු 605 දෙනාගෙන් 295 දෙනකුම පෞද්ගලික අංශයේ හා විදේශීය රැකියාවට ගොස්‌ ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා පැවසීය.

මේ අනුව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ රෝහල්වලට බඳවාගැනීම සඳහා අයෑදුම්පත් කැඳවීමේදී ඒ සඳහා අයෑදුම් කර ඇත්තේ පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් 310 දෙනකු පමණක්‌ වන අතර මෙම සංඛ්‍යාව දැනට රජයේ රෝහල්වල පවතින 1000 කට අධික පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟය මඟහැරවීමට ප්‍රමාණවත් නොවන බව ජයසේකර මහතා කීවේය.

ඖෂධවේදය, වෛද්‍ය රසායනාගාර කාර්මිකවේදය (එම් එල් ටී), විකිරණවේදය හා භෞතවේදී චිකිත්සාව යන ක්‍ෂේත්‍රයන්ගෙන් රජයේ විශ්වවිද්‍යාලවල පරිපූරක වෛද්‍ය සේවා උපාධිය හැදෑරූ උපාධිධාරීන් 605 දෙනාහට රජයේ රෝහල්වලට පත්වීම් ලබාදීම කැබිනට්‌ මණ්‌ඩලය විසින් අනුමත කරන ලද්දේ ඉකුත් පෙබරවාරි මාසයේදීය. එහෙත් එම උපාධිධාරීන් පිරිස රජයේ සේවයට බඳවාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් ඔවුන්ගෙන් වැඩි පිරිස පෞද්ගලික අංශයේ හා විදෙස්‌ රැකියාවලට යොමු වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

යාපනය, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර හා රුහුණ යන විශ්වවිද්‍යාලවලින් පරිපූරක වෛද්‍ය සේවා උපාධිය හැදැරූ මෙම එකී උපාධිධාරියකු වෙනුවෙන් රජය රුපියල් ලක්‍ෂ 3 ක පමණ මුදලක්‌ වැය කර ඇති බව ද පරිපූරක වෛද්‍ය සේවා බලමණ්‌ඩලයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


http://www.divaina.com/2013/09/22/news06.html

දිඹුලාගලනාහිමි සිහිකර පිළිරැවක්


ම්ලේච්ඡ කොටි ත්‍රස්තයන් විසින් ඝාතනය කර වසර 19 කට පසු දිඹුලාගල ආරණ්‍ය සේනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම සීලාලංකාර හිමියන් සිහිකර හිමියන්ගේ පිළිරැවක් මනම්පිටිය මඩකලපුව හංදියේදී ඉදි කිරීමට යයි.
පළාතේ සිංහල,මුස්ලිම්,දෙමළ යන සියළු ජනතාව සමග ඉතා සමීපව දිඹුලාගල ප්‍රදේශයට මහත් මෙහෙයක් කළ හිමියන්  ජනතාවගේ ප්‍රසාදයටලක් විය.
අප වෙත අදහස් දැක්වූ වර්තමාන ආරණ්‍ය සේනාධිපති මල් දෙනියේ ජිනාලංකාර හිමියන්,පොළොන්නරැව පුරා කළ සාසන මෙහෙවර වෙනුවෙන් සීලාලංකාර නාහිමියන් බොහෝ විට  පයින්ම වැඩම කරන විට එදා සීලාලංකාර නාහිමියන්ට තිරික්කලයක් පූජා කළ සථානයේ  ඒ හිමියන්ගේ පිළිරැවක් ඉදි කරන බව පැවසීය.
මුල් ගල් තැබීමේ අවස්ථාවට ආදි වාසී නායක  ඌරැ වරිගේ වන්නිල ඇත්තෝද පැමිණ සිටියහ.


වෙදකම වැරදී කතක් මරැට


තම වම් උරහිසේ ඇතිවූ ආබාධයකට පත්තුවක් බැඳීමට වෙදමහතෙකු හමුවී ප්‍රතිකාර ලැබ නිවසට පැමිනි විවාහක කතක් හදිසියේම සිහිසුන්ව බිම ඇද වැටී ඇති අතර ඇයව නිවැසියන් වහාම පොළොන්නරැව මහ රෝහලට ඇතුලත් කළද  ජීවිතය බේරා ගත නොහැකි විය.
අංක 36 විජයබාපුර පොළොන්නරැව පදිංවි වයස අවු.28ඒ. වසන්තා සමන් කුමාරි මියගිය කාන්තාවයි.
පසුගිය 21 දා පස්වරැවේ වෙද මහතෙකු හමුවී පත්තුවක් බැඳීම සිදුවී ඇති අතර අසාධ්‍ය වී රෝහලට ඇතුලත්  කළවිට හදිසි ප්‍රතිකාර ඒකකයේදී වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය ජීවිතය ගොඩ ගැනීමට ඇඩි වෙහෙසක් ගත්තද  එය අසාර්ථක විය.මේ කාන්තාව මීට පෙර හෘද ස්පන්දන අඩුවීමේ රෝගාබාධයකට හදවතට කෘතිම උපාංගයක් (pace maker) සවි කර ඇත.වෙදකමේදී එහි ස්ථාපිතය වෙනස් වීමෙන් මරණය වන්නට ඇති බව වෛද්‍යවරැ සැක පළ කරති.
ඇයගේ දේහය මේ වන විට රෝහලේ මෘත ශරීරගාරයේ තැන්පත් කර ඇති අතර හෙට දිනයේ මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරැව දේහය ඥාතීන්ට භාර දීමට නියමිත බව පොළොන්නරැව රෝහල් පොලීසියේ ප්‍රකාශකයෙක්  පැවසීය.

උපහාර උළෙලේදී බහුජාතික සමාගම් සමග ඇමති මෛත‍්‍රී සටනකට සැරසෙයි


උපහාර උළෙලේදී බහුජාතික සමාගම් සමග ඇමති මෛත‍්‍රී සටනකට සැරසෙයි
දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන බවට තොරතුරු දැන ගත් ඇතැම් බහුජාතික සමාගම් තමා හමුවීමට ප‍්‍රබල උත්සාහයක නිරත වූ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන පසුගියදා (23) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා කියා සිටියේ බහුජාතික සමාගම්වල අවශ්‍යතාවයන්ට තමා ඉඩ ලබා නොදුන් බවයි. තමන් දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පිළිබද කෙටුම්පත සකස් කරන අවස්ථාවේ දුම්වැටි සමාගම්වල නියෝජිතයන් රැසක් තමන් මුණ ගැසීමට පැමිණි බවත්, ඔවුන් හමුවීම ප‍්‍රතික්ෂේප කළ බවයි. ඔවුන් හමුවූයේ නම් තමන්ට දරුවන් සමඟ සතුටින් ජීවත් විය හැකි රාජ්‍යයක යහමින් කල් ගත කිරීමට අවස්ථාව තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුනි. නමුත් රටත්, රටේ අනාගත පරපුර වෙනුවෙනුත් එවැනි පාවාදීමක් සිදුනොකළ බව අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.   
දුම්වැටි දවටනවල රූපමය අවවාද ඇතුලත් කිරීමට අදාල ගැසට් පත‍්‍රය බලාත්මක කිරීම සඳහා දිවිහිමියෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එවැනි කටයුත්තක් වෙනුවෙන් තමන් වැනි කුඩා මිනිසෙකුට තනිව සටන් කළ නොහැකි වුවත් ඒ වෙනුවෙන් තවත් පිරිසක් තමන් වටා රොක්වනු ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.
                           ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටවල් 194ක් අතුරින්ලෝක දුම්වැටි නිවාරණ දින2013 විශිෂ්ඨතා සම්මානයෙන් හා ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින්පිරිනමන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ2013 ජගත් නායකත්ව සම්මානයෙන් පිදුම් ලද සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනමහතා ඇගයීම නිමිත්තෙන්  පොළොන්නරුව ප‍්‍රදේශයේ පාසල් 3 ක් උපහාර උත්සවයක් සංවිධාන කර තිබූ අතර, පොළොන්නරැව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේපැවති උපහාර උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
මෙයි ආරාධිත දේශනය සිදු කරනු ලැබූයේ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ථානයේ (ඇඩික්) විධායක අධ්‍යක්ෂ හා රජරට හා කොළඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පුබුදු සුමනසේකර මහතා විසිනි.
මේ අවස්ථාවට, උතුරැ මැද අධ්‍යාපන හා තොරතුරැ තාක්ෂණ අමාත්‍ය පේසල ජයරත්න, උතුරැ මැද ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරැව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරැන්ද ආදි සිසු සිසුවියන් මෙන්ම දෙමාපියන් හා පාසල් දූදරැවන් රැසක් ද සහභාගී වී සිටියහ


Saturday, September 21, 2013


වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් කරන්න එපා


වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් කරන්න එපා
වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් රෝගීන් වෙත නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පෞද්ගලික ඔසු සල්වලට දන්වා සිටී.
නිවේදනයක් නිකුත් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ප්‍රතිජීවක අනිසි ලෙස භාවිත කිරීම තුළින් බැක්ටිරියා, වෛරස්, දිලීර හා පරපෝෂිතයන් එම ඖෂධවලට ඔරොත්තු දීමේ ප්‍රවණතාවයක් ඇති වන බව ය.
ඒ හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් අත්කර ගත හැකි ප්‍රතිඵල අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා‍ දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දැනට ලෝකයේ භාවිත කරන ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමත්, ඒ හේතුවෙන් විෂබීජ ඒවාට ඔරොත්තු දීම තුළින් තවත් වසර 20 කින් පමණ ලොව දරුවන් විවිධ රෝගා බාධවලට මිය යාමේ අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.