Thursday, May 8, 2014
බෙහෙත් වර්ග 200ක් ඔසුසල්වල හිඟයි
බෙහෙත් වර්ග 200ක් ඔසුසල්වල හිඟයි
ඒමන්ති මාරඹේ-divaina 2014-05-09
ප්‍රධාන රෝගාබාධයන් සඳහා ලබාදෙන බෙහෙත් වර්ග සහ ශල්‍ය ද්‍රව්‍ය දෙසීයකට අධික සංඛ්‍යාවක් රජයේ ඔසුසල් බහුතරයක මේ දිනවල හිඟව පවතින බව එම ඔසුසල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම තත්ත්වය මත එම ඔසුසල්වලින් බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ආරංචි මාර්ග කීවේය. මිලෙන් අඩු වීම නිසා පෞද්ගලික රෝහල් හා වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රෝගීන් බහුතරය පැමිණෙනුයේ රජයේ ඔසුසල් වෙතය.
ඇණවුම් කර ඇති බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය තොග මෙතෙක් නොලැබීම නිසා ඔසුසල්වල බෙහෙත් හිඟයක් මතුව ඇතැයි ඔසුසල් ආරංචි මාර්ග කීවේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment