වෙදුන් වින්නඹුවන් හෙද සේවකයින් කඹ අදියි - රෝගීහූ අසරණවෙති
May 3, 2014 09:58 am
ඊයේ පස්වරුවේ තීරණය කළ පරිදි අද පෙරවරුවේ සිට දිවයිනේ සියලු රෝහල්වල මේවන විට හෙද වර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
හෙදියන්ට සුතිකා පුහුණුව ලබා නොදීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.
පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ලබා දෙන සුතිකා පුහුණුව හෙද කාර්ය මණ්ඩලයට ලබා දීමත් සමඟ හටගෙන ඇති ගැටළුව පිළිබද සාකච්ජා කිරීම සදහා ඊයේ පස්වරුවේ සාකච්ජාවක් පැවැත් වුණි.
එම සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ නියෝජිතයින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.
එහෙත් හෙදියන්ට සුතිකා පුහුණුව දීම සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවිකා සංගමය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී විරුධත්වය පළ කර ඇති බව සඳහන්ය.
හෙදියන්ට තවදුරටත් සුතිකා පුහුණුව දීමට කටයුතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම ස්ථාවරයට හෙද සංගමය විරුද්ධවීම හේතුවෙන් සාකච්ජා තීරණයකින් තොරව අවසන් වී ඇති බව සඳහන්ය.
අදාළ සාකච්ජාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් සහභාගි වී නැත.
කෙසේ වෙතත් එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසන්නේ හෙද නිලධාරීන්ට සුතිකා පුහුණු ලබාදීම අනිවාර්ය සිදුකළ යුත්තක් බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයියා මහතා පවසන්නේ අදාළ බලධාරීන් සමඟ සාකච්ජා මාර්ගයෙන් ගැටළුව විසදා ගැනීමට තිබු අවස්ථාව හෙද වෘත්තීය සමිති මගහැරිය බවයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගැටළුවට මැදිහත්වීම සම්බන්ධයෙන් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අප්‍රසාදය පළ කරයි.
මෙම ගැටළුව විසදීම සඳහා බලධාරීන් පියවර ගන්නා සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව හෙද වෘත්තීය සමිති ක්‍රියා කළ බවට පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවකා කොඩිතුවක්කු මහත්මිය චෝදනා කරයි.
කුමන බාධක පැමිණිය ද තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
කුමන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹිය ද අසරණ රෝගීන් අසීරුතාවයට පත් නොවන ලෙස ක්‍රියා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයියා මහතා කියයි.

No comments:
Post a Comment