Monday, May 5, 2014

මොන බලපෑම් ආවත් හෙදියන්ට සූතිකා පුහුණුව නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 
2014 මැයි 05 12.15 a.m
dr-anuruddha-padeniyaකුමන ආකාරයේ බලපෑමක් පැමිණියත් පුහුණුවන හෙදියන්ට සූතිකා පුහුණුව ලබා නොදීමට ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවැසීය.
වෛද්‍ය ආඥා පනතේ 54 වෙනි වගන්තිය යටතේ සූතිකා පුහුණුව ලැබිමේඅවසරය ඇත්තේ වින්නඹු මාතාවන්ට පමණක් වන අතර එම පුහුණුව හෙදියන්ටද ලබා දීම නීතිවිරෝධී බවද හෙතෙම කීය.
වසර 4ක හෙද පුහුණුව ලැබූ තෝරාගත් හෙදියන්ට සූතිකා කර්මය පිළිබඳව පුහුණුව ලබාදීම මතෛක් සිදු කළ අතර එම පුහුණුව ඉදිරියටත් එසේම ලබා දීමට කටයුතු කරන බවද ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පැවැසුවේයැයි වෛද්‍ය පාදෙණිය ඊයේ (4) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
හෙද වැඩ වර්ජනවලදී හෙදියන් වාට්ටුවල ඖෂධ ගබඩා කර තිබෙන කබඩ්වලට ඉබි යතුරු දමා ගොස් තිබූ බැවින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම බරපතළ ගැටලුවක් වූ බව හෙතෙම පැවසීය.වාට්ටු ලිපිකරුවන් ලෙස විභාගය සමත්වූ 4000ක් පමණ දෙනාට අදාළ පත්වීම් ලබාදීම කිසියම් වෘත්තීය සමිතියක බලපෑම් මත සිදු නොවූ බැවින්  එම පත්වීම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ නම් හෙද වැඩ වර්ජනය තුළ ඖෂධ ගබඩා කර තිබෙන කබඩ්වලට ඉබි යතුරු දමා යාමට හෙදියන්ට නොහැකි වන බවද වෛද්‍ය පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.
තවද අනෙකුත් රටවල් වල මෙන් ශල්‍යාගාර තාක්ෂණික ශිල්පීන් ලෙස වෙනමම කණ්ඩායමක් පුහුණු කර බඳවා ගැනීමට කටයුතු කරන්නේ නම් ශල්‍ය උපකරණ වල අයිතිය එම කණ්ඩායමට භාර දීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රියානි විජේසිංහ

No comments:

Post a Comment