Monday, November 18, 2013

ලෝක දියවැඩියා දිනය සැමරීමේ උත්සවයක් පොළොන්නරුවේදී...












නොවැම්බර්(14) දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිති කර ගෙන උත්සවයක් පොළොන්නරුව මහ රෝහලේදී පැවත්වුනා.මෙවර දියවැඩියා දින තේමාව වන්නේ දියවැඩියාවෙන් අපේ අනාගතය සුරකිමු.
 ‘Diabetes: protect our future’ යන්නයි.
දියවැඩියාව හා ඔබ නමින් ප්‍රධාන සැමරුම් දේශනය පවත්වනු ලැබූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සෙනරත් මහමිතව මහතා විසිනි.මෙහිදී බෝනොවන රෝග පිලිභඳව හැඳින්වීමක් හා පොළොන්නරුව මහ රෝහලේ බෝ නොවන රෝග ඒකකයේ කාර්ය භාරය පිළිබඳව දැනුවත් කිරීමක් සෞඛ්‍යඅධ්‍යාපන හාබෝ නොවන ඒකකය භාර වෛද්‍ය සම්පත් රණතුංග මහතා විසින් සිදු කරන ලදී.
දියවැඩියාවෙන් පාද සුරක්ෂිත කරගැනීම පිළිබඳව දේශනය බෝ නොවන ඒකකය භාර හෙද නිළධාරිණී  ඩී.එස්.කේ. ලියනගේ මහත්මිය විසින් කරන ලද දේශනය කාගේත් වැඩි අවධානයක් යොමුකරවන ලද්දක් විය.මේ අවස්ථාවන්ට ප්‍රජාවවෙනුවෙන් 250 ක් පමන පිරිසක්ද වෛද්‍ය අධිකාරී,විශේෂඥ වෛද්‍ය , විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණියන්, හෙද හෙදියන් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරින්, ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.

No comments:

Post a Comment