හෙද පුහුණුව සඳහා තෝරාගන්නා ලද 6025 කට
දෙසැම්බර් මස 10 දින ජනාධිපතිතුමන් අතින් කොළඹ සුගතදාස ගෘහස්ථ
කී‍්‍රඩාංගණයේ දී පත්වීම් ලබාදිමට සියල්ල සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය
මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද දින (06) පෙරවරුවේ ගාල්ල හෙද අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව අවසන් කර විසිරයාමට නියමිත හෙද හෙදියන් 350 ක් සඳහා පැවැති විසිරයාමේ උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පවසා සිටියේ හෙද සේවාව සඳහා 6025 ක් බඳවා ගැනීමට නියමිත අතර එම සියළු දෙනාම මේ වනවිට තෝරාගෙන අවසන්ව තිබේ. දැනට හෙද පුහුණුව අවසන් කර සිටින හෙද හෙදියන් 3500 කට පත්වීම් ලිපි ප්රදානය ද එදින සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. මේ වනවිට රජයේ රෝහල්වල හෙද අවශ්‍යතාවය ඉතා ඉහළ මට්ටමක පවතී. හෙද හෙදියෝ විශාල පිරිසක් වාර්ෂිකව විශ්‍රාම යන අතර, තවත් පිරිසක් වාර්ෂිකව විදේශගත වේ.
එමෙන්ම 2002 - 2004 කාලයේ හෙද සේවාවට පුහුණුව සඳහා බඳවා නොගැනීම නිසා හෙද හිඟයක් පවතින බවත්, එම නිසා ඉතිහාසයේ ප්‍රථම වරට එක්වර හෙද හෙදියන් 6025 ක් බඳවාගැනිමට කළ යෝජනාව ජනාධිපතිවරයා විසින් අනුමත කළ බවත්, ඇමැතිවරයා මෙහිදී පවසා සිටියා.
දිවයිනේ සියළුම හෙද අභ්‍යාස විද්‍යාලවල පහසුකම් වැඩිකිරීම සඳහා එක් හෙද අභ්‍යාස විද්‍යාලයකට රුපියල් මිලියන 10 ක් බැගින්, හෙද අභ්‍යාස විද්‍යාල 18 ම මේ වන විට නවීකරණය කර තිබේ. එමෙන්ම අළුතින් බඳවා ගන්නා 6025 ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා අලූතින් තාවකාලික ගොඩනැගිලි ඉදිකිරිමටත්, පියවර ගෙන තිබේ. එමෙන්ම මෙතෙක් ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ගේ පරිපාලනය යටතේ පැවැති හෙද විදුහල් පරිපාලන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඇතැම් රෝහල් අධ්‍යක්ෂකවරු තමන්ගේ පරිපාලනය යටතේ හෙද විදුහල්වල අඩුපාඩු සහ ගැටළු සොයාබැලීම සඳහා තම වගකීම ප්‍රමාණවත් පරිදි ඉටුකොට නැත. එම නිසා මෙම තිරණය ගත්බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

No comments:
Post a Comment