තවත් වෘත්තීය සමිති 40ක සහය
සෞඛ්‍ය වෘත්තීය සමිති විසින්
ක‍්‍රියාත්මක කර ඇති වර්ජනයට තවත් වෘත්තීය සමිති 40ක් සහය පලකර තිබෙනවා.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය , ලංකා ගුරු සේවා සංගමය ඇතුළු එම
වෘත්තිය සමිති නියෝජිතයින් කොළඹ දී අද කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්
මේ බව කියා සිටියා. හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය
ක‍්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා.
මෙම වර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය ඊයේ තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ,
රෝගියෙකු ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුවයි. කෙසේවෙතත් හෙද පරිපූරක
සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ තවදුරටත් තම වර්ජනය
කි‍්‍රයාත්මක බවයි.
No comments:
Post a Comment