හෙද නිලධාරීන් 63 වෙනකම් ගොඩ
රජයේ
රෝහල්වල පවතින
හෙද
නිලධාරීන්ගේ උග්‍ර හිඟය මඟ
හැරවීම
සඳහා
වයස
අවුරුදු 63 ට
අඩු
අවම
වශයෙන්
වසරක
කාලයක
සේවය
කළ
හැකි
විශ්‍රාම හෙද නිලධාරින් බඳවා
ගැනීමට
කැබිනට් මණ්ඩල
අනුමැතිය ලැබී
තිබේ.
රජයේ
රෝහල්වල හෙද
නිලධාරීන්ගේ පුරප්පාඩු 3,300ක්
ක්
පමණ
තිබෙන
බවට
හඳුනාගෙන ඇති
අතර
, එය
2016 වසර
වනවිට
4 ,350 ක්
පමණ
දක්වා
වැඩි
වනු
ඇතැයි
සෞඛ්‍ය අමාත්‍යංශය
ගණන්
බලා
තිබේ.
දැනට
පුහුණුව ලබන
හෙද
නිලධාරින් 3,450ක්
පමණ
2016 දී
හෙද
සේවයට
අලුතින් බඳවා
ගනු
ලැබුවද
ඒ
වන
විටත්
හෙද
නිලධාරීන්ගේ හිඟය
පැවතීමට හැකි
බව
සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් මණ්ඩලය
වෙත
දැනුම්
දී
තිබේ.
මේ
තත්ත්වය තුළ
හෙද
නිලධාරීන්ගේ උග්‍ර හිඟයකට තාවකාලික හා
හදිසි
විසදුමක් ලෙස
විශ්‍රාමික හෙද නිලධාරිනයන් අවම
වශයෙන්
වසරක
කාලයක්
හෝ
බඳවා
ගැනීමට
අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී
තිබේ.
No comments:
Post a Comment