July 16, 2014 08:04 pm
නාරාහේන්පිට ලංකා රෝහලේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්දේශ
වෛද්‍ය පරීක්ෂණගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කර තිබේ.
අද සවස එම කටයුත්ත සිදුවිය.
රෝග විනිශ්චය කටයුතු වඩාත් ඉක්මනින් හා නිවැරදිව සිදුකිරීම සඳහා දියුණුම තාක්ෂණික සහ නවීනතම උපකරණවලින් සමන්විත මෙම වෛද්‍ය පරීක්ෂණාගාරය කලක සිට මෙරටට පැවැති අඩු පාඩුවක් සපුරාලීමක් ලෙස සැලකිය හැකිය.
ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු වෛද්‍ය පරීක්ෂණාගාරයක මේ දක්වා කළ නොහැකි පරීක්ෂණ 300ක් පමණ මෙම නව වෛද්‍ය පරීක්ෂණාගාරය තුළදී සිදුකිරීමට හැකියාව ලැබේ.
මේ තුළින් සාම්පල පරික්ෂාව සඳහා විදේශයන්ට යැවීමේ අවශ්‍යතාව නොමැති වන බැවින් රෝගීන්ට විශාල මුදලක් ඉතිරි කරගත හැකිය.
නව වෛද්‍ය පරීක්ෂණාගාරය රක්තවේද, අණුක ජීව විද්‍යා, ක්ෂුද්‍ර ජීව විද්‍යා, ගැලීම් සෛලමිති, සෛල ප්‍ර වේණි විද්‍යා, පටක ව්‍යාධිවේද, ප්‍රතිශක්ති විද්‍යා, ද්‍රව මූල සෛල්‍ය විද්‍යා සහ ජීව රසායන විද්‍යා යනාදී අංශ 9ට අධික සංඛ්‍යාවකින් සමන්විතය.

No comments:
Post a Comment