ලාංකීය වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට මාලදිවයිනේ දොර ඇරේ
( සමන්ත කුමාර )
2014-07-21 16:19:03
Views - 68
මෙරට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සේවාව මාලදිවයිනට ලබා දෙන ලෙස එරට සෞඛ්‍ය
ඇැමතිනි මරීයාම් ශකීලා මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය
මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදීයි.
ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සේවා ගුණාත්මක සහ ඉතා ඉහල
ප‍්‍රමිතියකින් යුතු බව මාලදිවයින සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම මාලදිවයිනේ සේවය කරන පරිපූරක සේවාවන්ට සහ වෘත්තිය චිකිත්සක ශ්‍රේණිවලට අයත් කාර්ය මණ්ඩල වෙත ශ‍්‍රී ලංකාවේ දී පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාලදිවයිනෙන් කරන ලද සංචාරයක දී ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

No comments:
Post a Comment