Tuesday, July 29, 2014

හෙද නිලධාරීන් 63 වෙනකම් ගොඩ


හෙද නිලධාරීන් 63 වෙනකම් ගොඩ
රජයේ රෝහල්වල පවතින හෙද නිලධාරීන්ගේ උග් හිඟය මඟ හැරවීම සඳහා වයස අවුරුදු 63 අඩු අවම වශයෙන් වසරක කාලයක සේවය කළ හැකි විශ්රාම හෙද නිලධාරින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ පුරප්පාඩු 3,300ක් ක් පමණ තිබෙන බවට හඳුනාගෙන ඇති අතර , එය 2016 වසර වනවිට 4 ,350 ක් පමණ දක්වා වැඩි වනු ඇතැයි සෞඛ් අමාත්යංශය ගණන් බලා තිබේ. දැනට පුහුණුව ලබන හෙද නිලධාරින් 3,450ක් පමණ 2016 දී හෙද සේවයට අලුතින් බඳවා ගනු ලැබුවද වන විටත් හෙද නිලධාරීන්ගේ හිඟය පැවතීමට හැකි බව සෞඛ් ඇමති මෛත්රිපාල සිරිසේන කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.
මේ තත්ත්වය තුළ හෙද නිලධාරීන්ගේ උග් හිඟයකට තාවකාලික හා හදිසි විසදුමක් ලෙස විශ්රාමික හෙද නිලධාරිනයන් අවම වශයෙන් වසරක කාලයක් හෝ බඳවා ගැනීමට අමාත් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Monday, July 21, 2014

ලාංකීය වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට මාලදිවයිනේ දොර ඇරේ
( සමන්ත කුමාර ) 2014-07-21 16:19:03
      Views - 68
මෙරට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සේවාව මාලදිවයිනට ලබා දෙන ලෙස එරට සෞඛ්‍ය ඇැමතිනි මරීයාම් ශකීලා මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදීයි. ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සේවා ගුණාත්මක සහ ඉතා ඉහල ප‍්‍රමිතියකින් යුතු බව මාලදිවයින සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා.
 
එමෙන්ම මාලදිවයිනේ සේවය කරන පරිපූරක සේවාවන්ට සහ වෘත්තිය චිකිත්සක ශ්‍රේණිවලට අයත් කාර්ය මණ්ඩල වෙත ශ‍්‍රී ලංකාවේ දී පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාලදිවයිනෙන් කරන ලද සංචාරයක දී ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.  
 

Saturday, July 19, 2014

දිනපතා ඇට වර්ග ආහාරයට ගැනිමෙන් හෘදයාබාධ අවදානම තුන් ගුණයකින් අඩු වෙයි

ඊ-තැපැලමුද්‍රණයපී.ඩී.එෆ් (PDF)
(කොළඹ, ලංකාපුවත්) – දිනපතා ඇට වර්ග ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත.
සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට  රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතරආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනිරෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඇට වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17කින් පමණ දඅඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලදපර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ මෙම ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කරගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.
චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.
එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහපිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයටගැනීම හේතුවන බවයි.

මෙරට එච්.අයි.වී. ආසාදිතයින් ගැන තවත් හෙළිදරව්වක්

ඊ-තැපැලමුද්‍රණයපී.ඩී.එෆ් (PDF)
(කොළඹ, ලංකාපුවත්) –  ලෝකයේ එච්.අයි.වී. ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව පහළ වැටෙන බවඑක්සත් ජාතීන්ගේ 'ඒඩ්ස්' නියෝජිතායතනය පවසද්දී මෙරට එච්.අයි.වී. ආසාදිතරෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් තිබෙන බව ලිංගාශ්‍රිත රෝග සහ'ඒඩ්ස්' මර්දන ව්‍යාපාරය හෙළි කරයි.
එම ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේමෙම වසරේ දෙවැනි කාර්තුව වන අප්‍රේල් 01දා සිට ජුනි 30දාදක්වා වූ කාලයේ පමණක් එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් 59 දෙනකුසොයාගෙන ඇති බවයි.
එමෙන්ම ඒඩ්ස් රෝගයෙන් දහදෙනකු මියගිය  බවදහෙතෙම පැවසීය.
පසුගිය2012 වසරේ ඒඩ්ස් රෝගීන් 181ක්ද, 2013 වසරේ 196 දෙනකු සහ 2014 මේ දක්වා වූකාලය තුළ ඒඩ්ස් රෝගීන් 110 දෙනකුද හමුවී ඇති බව ඔහු සඳහන් කළේය.

1989සිට මේ දක්වා ඒඩ්ස් රෝගීන් 1955දෙනකු සොයාගෙන ඇති අතර ඉන් 320දෙනකු මියගොස් ඇති බවද ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පැවසීය.
පසුගිය2013 වසරේ එච්.අයි.වී. වයිරසය තිබේදැයි යන්න පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයන්හත්ලක්ෂයක් පරීක්ෂාවට භාජනය කර ඇති බවත් මෙම වසරේ මේ දක්වා එවැනි පරීකෂාවටභාජන කළ පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 4ක් බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.
එහෙත්වසර 2030 වෙද්දී ඒඩ්ස් වසංගතය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒමට හැකි වනුඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් නියෝජිතායතනය බලාපොරොත්තු පළ කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ලෝකයේ එච්.අයි.වී. ආසාදන මෙන්ම ඒඩ්ස් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාත්මකව පහළ වැටෙමින් පවතින බවයි.
ඉකුත්2013දී වාර්තා වූ නව එච්.අයි.වී. ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21ක් වන අතර එය2001දී වාර්තා වූ ලක්ෂ 34ට වඩා 38%ක අඩුවීමක් වන බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස්නියෝජිතායතනය පවසයි.
එසේම ඒඩ්ස් හේතුවෙන් ඇති වන මරණ සංඛ්‍යාව ඉකුත්තුන් වසර තුළදී පහෙන් එකකට අඩු වී ඇති අතර එය වසරකට ලක්ෂ 15ක් වන බවත්ඔවුන් පෙන්වා දෙයි.
එහෙත් එච්.අයි.වී. ආසාදිතයන්ගේ ජීවිත රැක දෙනප්‍රතිවෙයිරස ඔෟෂධ ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එච්.අයි.වී. ආසාධිතයන් 10 දෙනකුගෙන් හතර දෙනකුට පමණක් වන බවත් ඔවුන් පවසයි.
මේ වනවිට ලොව පුරා මිලියන 35ක් එච්.අයි.වී. ආසාදිතයන් බව පවසන එක්සත්ජාතීන්ගේ ඒඩ්ස් නියෝජිතායතනය ඒඩ්ස් වැළැක්වීමට ජාත්‍යන්තර වශයෙන් උනන්දුවිය යුතු බවත් එසේ නොවුණහොත් වසර 2030 වන විට ඒඩ්ස් වසංගතය පාලනය කරගත හැකිමට්ටමකට ගෙන ඒමට නොහැකි වනු ඇති

Wednesday, July 16, 2014

ලංකා රෝහලේ රෝග විනිශ්චය ඒකකය විවෘතයි


July 16, 2014  08:04 pm
Bookmark and Share
නාරාහේන්පිට ලංකා රෝහලේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්දේශ වෛද්‍ය පරීක්ෂණගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කර තිබේ.

අද සවස එම කටයුත්ත සිදුවිය.

රෝග විනිශ්චය කටයුතු වඩාත් ඉක්මනින් හා නිවැරදිව සිදුකිරීම සඳහා දියුණුම තාක්ෂණික සහ නවීනතම උපකරණවලින් සමන්විත මෙම වෛද්‍ය පරීක්ෂණාගාරය කලක සිට මෙරටට පැවැති අඩු පාඩුවක් සපුරාලීමක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු වෛද්‍ය පරීක්ෂණාගාරයක මේ දක්වා කළ නොහැකි පරීක්ෂණ 300ක් පමණ මෙම නව වෛද්‍ය පරීක්ෂණාගාරය තුළදී සිදුකිරීමට හැකියාව ලැබේ.

මේ තුළින් සාම්පල පරික්ෂාව සඳහා විදේශයන්ට යැවීමේ අවශ්‍යතාව නොමැති වන බැවින් රෝගීන්ට විශාල මුදලක් ඉතිරි කරගත හැකිය.

නව වෛද්‍ය පරීක්ෂණාගාරය රක්තවේද, අණුක ජීව විද්‍යා, ක්ෂුද්‍ර ජීව විද්‍යා, ගැලීම් සෛලමිති, සෛල ප්‍ර වේණි විද්‍යා, පටක ව්‍යාධිවේද, ප්‍රතිශක්ති විද්‍යා, ද්‍රව මූල සෛල්‍ය විද්‍යා සහ ජීව රසායන විද්‍යා යනාදී අංශ 9ට අධික සංඛ්‍යාවකින් සමන්විතය.

අපස්මාරය නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන් පාලනය කළ හැකිය


ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(කොළඹ, ලංකාපුවත්) - අපස්මාරය හෙවත් මීමැස්මොරය මොලයේ සිදුවන සාමාන්‍ය විද්‍යුත් ක්‍රියාදාමයේ සුළු මොහොතකට ඇති වන අසාමාන්‍ය අධිවේගී වෙනසක් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයකි.
මෙම රෝගය බෝවන රෝගයක් නොවන අතර සරල ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි රෝගී තත්ත්වයක්  බව ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මහත්මිය පවසයි.
දැනට ලොව පුරා මිලියන 50ක් පමණ අපස්මාරය රෝගයෙන් පෙලෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්තමේන්තු ගත කර ඇත.ශ්‍රී ලංකාවේ මෙම රෝගී තත්ත්වය  ඇති පුද්ගලයින් ලක්ෂ 03ක් පමණ වන බවද රංජනී ගමගේ මහත්මිය සඳහන් කළාය.
මෙම රෝගය ඕනෑම වයසකදී ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇතිවිය හැකි අතර රෝගීන්ගේ ප්‍රවණතාවය ජනගහණයෙන් 1000කට රෝගීන් 09ක් බව අනාරණය වේ.
මෙහි රෝගී ලක්ෂණ ලෙස සිහි නැතිවීම, කටින් සෙම වැගිරීම, දතකට පූට්ටු වීම, අතපය දරදඩු වීම, ගැස්සීම හා ඇතැම් විට මුත්‍රා පිටවීමද දැකිය හැකිය. අපස්මාරය සෑදුනු රෝගියෙකු සමාජයෙන් කොන් කිරීමක් සිදු නොකළ යුතු අතර ඔවුන්ගේ ජීවන රිද්මය නොබිදී පවත්වාගෙන යාමට ඉඩ සලසා දිය යුතු වනු ඇත.
අපස්මාරය නිසා රෝගීන්ට ඇතිවන මානසික, සාමාජිය, හා ආර්ථික බලපෑම රෝගය නිසා ඇතිවන කායික බලපෑමට වඩා වැඩි වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි.
අපස්මාරය අදෘෂ්‍යමාන භූත බලවේග විසින් කරන බලපෑමක් නිසා ඇතිවන රෝග තත්ත්වයක් බවට සමාජයේ මිත්‍යා විශ්වාසයක් ගොඩනැගී තිබේ.මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ගැටළුවලට මුහුණ දීමට සිදු වන බවද අනාවරණය විය.
යම් පුද්ගලයෙකුට මෙම රෝගය වැලදුණු විට යකඩ  කැබැල්ලක් අතට දීම, හැන්දක් කටට දැමීම මෙන්ම වතුර හෝ බෙහෙත් ජාති පෙවීම සිදු නොකළ යුතුවනු ඇත. එසේ කිරීම තුළින් රෝගීන්ගේ ජීවිතවලට පවා ඉඩ ඇති බවද විජේතුංග මහත්මිය පෙන්වා දෙයි.
අපස්මාරය රෝගය සෑදුණු රෝගියෙකු දුටුවිට සෙම හිරවී රෝගියාගේ ජීවිතයට අනතුරක් වීම වැලැක්වීමට රෝගියා පැත්තකට හරවා තිබිය යුතුය. විනාඩි කිහිපයකින් රෝගය සමනය නොවුනහොත් වහාම ලගම ඇති රජයේ රෝහලකට යොමු කළ යුතුය.
මෙම රෝගය කිසිම ආකාරයකින් අධ්‍යාපනය, රැකියාව, විවිහාය හා දරුවන් ලැබීම හෝ සාර්ථක ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොවනු ඇත. අපස්මාරය සෑදුනු රෝගියෙකු අවම වශයෙන් වසර දෙකක් හෝ තුනක් අතර කාලයක් අඛන්ඩව නිසි ප්‍රතිකාර ලබා ගත යුතු වේ. ඇතැම් රෝගීන්ට වසර 05ක් හෝ 06ක් වැනි දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා ගැනීමට සුදු වනු ඇත.