Thursday, May 8, 2014

බෙහෙත් වර්ග 200ක්‌ ඔසුසල්වල හිඟයි


බෙහෙත් වර්ග 200ක්‌ ඔසුසල්වල හිඟයි

ඒමන්ති මාරඹේ-divaina 2014-05-09

ප්‍රධාන රෝගාබාධයන් සඳහා ලබාදෙන බෙහෙත් වර්ග සහ ශල්‍ය ද්‍රව්‍ය දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ රජයේ ඔසුසල් බහුතරයක මේ දිනවල හිඟව පවතින බව එම ඔසුසල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තත්ත්වය මත එම ඔසුසල්වලින් බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ආරංචි මාර්ග කීවේය. මිලෙන් අඩු වීම නිසා පෞද්ගලික රෝහල් හා වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රෝගීන් බහුතරය පැමිණෙනුයේ රජයේ ඔසුසල් වෙතය.

ඇණවුම් කර ඇති බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය තොග මෙතෙක්‌ නොලැබීම නිසා ඔසුසල්වල බෙහෙත් හිඟයක්‌ මතුව ඇතැයි ඔසුසල් ආරංචි මාර්ග කීවේය.

ප්‍රථම වරට උපාධිධාරී හෙද හෙදියන් සෞඛ්‍ය සේවයට

May 8, 2014  ada derana
Bookmark and Share
මෙරට ප්‍රථම වරට උපාධිධාරි හෙද හෙදියන් පිරිසක් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

උපාධිධාරි හෙද හෙදියන් 36 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) සිදුකෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතියක් යටතේ මෙලෙස උපාධිධාරි හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අද දිනයේ උපාධිධාරි හෙද හෙදියන් පිරිසට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේ දි තවත් හෙදියන් 63 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම ද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකර තිබේ.

එහිදි අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට 30 000ක පමණ පිරිසක් හෙද සේවයේ නිරතව සිටින අතර තවත් 10000ක පමණ හෙද හෙදියන්ගේ හිඟයක් පවතින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෝත‍්‍රිකයින් වගෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෝත‍්‍රිකයින් වගෙයි

May 8, 2014  10:21 pm
Bookmark and Share
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වීම නිසා සම සෞඛ්‍ය සිසුන්ට සිව් අවුරුදු උපාධිය දීමට නොහැකි වී ඇතැයි කීම ආණ්ඩුවේ පට්ටපල් බොරුවක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විශ්වවිද්‍යාල තුළ මේ වන විට පොදුවේ මතුවී ඇති තත්ත්වය හා සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර තුනකට කප්පාදු කිරීම පිළිබඳවත් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 කගේ පංති තහනමට එරෙහිව ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහයට දින 150 ක් ගතවීත් තවමත් විසඳුම් නොලැබීම ගැනත් සිය මතය ප‍්‍රකාශ කිරීමට මාධ්‍ය හමුවක් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් අද උදෑසන කොළඹදී පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වූ එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය අදහස් දැක්වීම ආරම්භ කළේ වෘත්තීය පාඨමාලාවක් වන සම සෞඛ්‍ය උපාධිය අවුරුදු තුනකට කප්පාදු කිරීම ගැනය.

‘‘වෘත්තීය පාඨමාලාවක් සම්බන්ධව සැලකීමේදී එය අවුරුදු හතරක් විය යුතුයි. උදාහරණ ලෙස වෛද්‍ය, ඉංජිනේරු, නීති යන උපාධි ගත්තොත් ඒවායේ පාඨමාලා කාලය අවුරුදු හතරයි. ඒක ලෝක සම්මතයක්. ඊළඟට මෙලෙස උපාධිය අවුරුදු තුනකට කප්පාදු කිරීමෙන් සිසුන්ට ලබාදිය යුතු සායනික පුහුණුව අහිමි කරලා තියෙනවා. ඒක හරියට වතුරට බහින්නෙ නැතිව පිහිනන්න පුරුදු කරනවා වගේ වැඩක්. ඒ වගේම ඔවුන්ට පර්යේෂණ කරන්න අවස්ථාවක් තිබුණා. මේ කප්පාදුවත් එක්ක ඒකත් නැතිවෙලා තියෙනවා.

මේ තත්ත්වයට විරුද්ධව ශිෂ්‍යයෝ පේරාදෙණිය, කොළඹ කොටුවේ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට වගේම ගාල්ලෙත් සත්‍යග‍්‍රහ කරනවා. ශිෂ්‍යයන් ඉල්ලන්නේ ගුණාත්මක සේවාවක් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා. ඒවගේම ශිෂ්‍යයො මීට විරුද්ධව අධිකරණයට ගියා. එහිදී ඒ එක්කම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මැදිහත් වුණා. එහිදී තීන්දුව වුණේ දැනට ඉන්න අයට සායනික පුහුණුව දීමටත් ඉතිරි අයට එය සාකච්ඡාවක් තුළ විසඳීමටත් යෝජනා වුණා. මේ සම්බන්ධයෙන් පත් කළ කමිටුවට සම්බන්ධ වෙලා තිබුණේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අධ්‍යාපන අමාත්‍යංශය විතරයි. අඩුම තරමින් මේ කමිටුවට සිසුන්වත් ඇතුළත් කරලා නෑ.

ඒ වගේම මේ සිසුන් අධ්‍යාපනයෙන් පසු ඇතුළත් වන පරිපූරක වෛද්‍ය සේවාවන්ටත් මෙහිදී අවස්ථාව ලැබිලා නෑ. තවදුරටත් මේ පිළිබඳව අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා ප‍්‍රකාශ කළේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා පිළිබඳව තීන්දු ගන්න ඕනෙ විශ්වවිද්‍යාල පාලක සභාව හා ඒ වෙනුවෙන් පත්කළ විශේෂඥ කමිටු මගින් බවයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වීම නිසා සිව් අවුරුදු උපාධිය දෙන්න බැරුව තියෙනවා යැයි ආණ්ඩුව කරන ප‍්‍රකාශය පට්ට පල් බොරුවක් බවත් ඔහු ප‍්‍රකාශ කළා.

‘‘එතකොට අපි අහන්නෙ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වුණා කියලා මේක නවත්වනවා නම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නවත්වන්නෙ නැත්තේ ඇයි කියලා. මොකද මාලඹේ උපාධිය ලක්‍ෂ 65 කට විකිණීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධයි. එසේ තිබියදී දැන් එය ලක්‍ෂ 100 කට විකුණනවා. අනෙත් එක තමයි කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ඇතුළේ තවත් උපාධි විකුණනවා. එතෙන්දි කියන්නෙ හමුදාවේ අයට දෙනවා කියලා. නමුත් මෙතැන හරි අපූරු වැඩක් වෙනවා. ඒක තමයි ඕනම කෙනෙකුට ඇවිත් මේකෙ උපාධිය හදාරන්න පුළුවන්. උපාධිය අරගෙන හමුදාවෙන් ඉවත් වීමට අදාළ ලක්‍ෂ 20 දීලා හමුදාවෙන් අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ වක‍්‍ර විධියට ලක්‍ෂ 20 කට වෛද්‍ය උපාධිය විකුණනවා. ඒ වගේම තවත් වැඩක් මෙතැන වෙනවා. කොතලාවල සමසෞඛ්‍ය උපාධිය විකුණන්නෙ ලක්‍ෂ 6 කට. ඒක අවුරුදු 4 යි. ඉතින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ නිසා නම් මේ හැමදේම වෙන්නෙ ඒක පට්ටපල් බොරුවක්. ඒ හින්දා ආණ්ඩුව මේකට වගකියන්න ඕනා.

පහුගිය දවස්වල පාර්ලිමේන්තුවෙදි විපක්‍ෂය මේ පිළිබඳව අදහස් පළ කරලා තිබුණා. ඔවුන් පිළිගන්නෙ ආණ්ඩුව කියන කතාව. ඒ නිසා ඔවුන් කියනවා පාර්ලිමේන්තුවෙ සර්ව පාක්‍ෂික කමිටුවක් පත්කරන්න කියාලා මේක විසඳන්න. කතානායකත් ඒක අගය කරනවා. අපි කියන්නෙ නන්දිමිත‍්‍ර ඒකනායක කියනවා නම් මේ උපාධිය අවුරුදු හතරක් කරන්න එයා කැමතියි කියලා එයාට කරන්න තියෙන්නෙ කොළඹ අට්ටාලයට ඇවිත් වාඩිවෙන්න. ඒ නිසා පැහැදිලිව මේ ප‍්‍රශ්නය ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙළේ කොටසක්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි මේක වෙන්නෙ ඒ හින්දා නෙමෙයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ගෝත‍්‍රික හැසිරීමක් තියෙනවා. ඔවුන් කැමති නෑ ක්ෂේත‍්‍රයේ වෙන කාටවත් උපාධි හම්බවෙනවට. අපි කියන්නෙ වෛද්‍යවරු කැමති වෙන්න ඕනෙ තමන් සමග ඉන්න අනෙක් අයටත් උපාධි ලැබීම ගැන. ඉන් පහසු වෙන්නෙ එයාලටමයි. දැන් සූතිකාගාර පුහුණුව ගැන කතා කරනවා. අපි කියන්නෙ සියලූ දෙනාටම සූතිකාගාර පුහුණුව දෙනවා නම් හොඳයි කියලා. ඒක හැමෝම දැනගෙන ඉන්න එක හොඳයි. ගෝත‍්‍රිකව මේ ප‍්‍රශ්නය දිහා බැලීම වැරදියි.

මෙහිදී තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්න ගැන අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා ප‍්‍රකාශ කළේ සටන් කළ යුත්තේ කා සමගද යන්න පිළිබඳව ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ආදර්ශ ගන්නා ලෙසයි.

හෙදියන්ටත්, වින්නඹුවන්ටත් තව කොතෙකුත් ප‍්‍රශ්න තිබෙන බවත්, ආණ්ඩුව විසින් ඒ ප‍්‍රශ්න ඇති කර පැත්තකට වී බලා සිටින බවත් ඔහු පැවසීය. අද හෙදියන්ට නායකත්වය දෙන මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවොත් වින්නඹුවන්ට නායකත්වය දෙන අයත් දෙගොල්ලොම ඉන්නෙ ආණ්ඩුව දෙපැත්තෙ සාක්කුවල. අන්තිමේට වෙන්නෙ සියලූ දෙනාම අපහසුතාවයට පත්වෙන එක විතරයි.

වෛද්‍යවරුන්ගේ ප‍්‍රශ්නය වන්නේ මේ සමඟ හෙදියන්ට පරිපාලනයේ අවස්ථාව ලැබීම බවත්, හෙදියන්ගේ ප‍්‍රශ්නය වන්නේ මේ සමඟ තම වැටුප රුපියල් දහසකින් වැඩිවීම බවත්, වින්නඹුවන්ගේ ප‍්‍රශ්නය වන්නේ මේ සමඟ රැකියා සුරක්‍ෂිතභාවය නැතිවෙයි යන අනියත බිය බවත් ඔහු පැවසීය.

වින්නඹුවන්ගේ සේවා සුරක්‍ෂිතතාවය නැතිවන්නේ හෙදියන් නිසා නොවන බවත්, රජය විසින් කරගෙන යන ප‍්‍රජා සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ වැඩපිළිවෙළෙන් බවත්, ඔහු පැවසීය. ඉතා දුෂ්කර සේවා තත්ත්වයන් යටතේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අඩුම තරමේ ප‍්‍රවාහන පහසුකම්වත් දීමට ආණ්ඩුව මැදිහත් නොවන බවත් ගම්මට්ටමෙන් පවත්වා ගෙන යන සේවා සඳහා ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 200 ක පමණ සොච්චමක් බවත් පැවසූ ඔහු විරුද්ධ විය යුත්තේ මේ සියලූම ප‍්‍රශ්න ඇති කරන පාලකයන්ට බවත් ප‍්‍රකාශ කළේය.

මේ අතර රජරට විශ්වවිද්‍යාලයේ දැනට මතුවී ඇති තත්ත්වය ගැන අදහස් දැක්වූ ඔහු ප‍්‍රකාශ කළේ සිසුන්ට පංති තහනම් දී ඇත්තේ පරිපාලනය විසින් සංවිධානය කර පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගී නොවී ශිෂ්‍ය වීර දිනයට සහභාගී වීම නිසා බවත්ය. අවුරුදු උත්සව පැවැත්වෙන්නේ බක් මාසයේ වුවත් මෙලෙස පොසොන් මාසයේ පැවැත්වූ අවුරුදු උත්සවයක් නිසා සිසුන්ගේ පංති තහනම් කිරීම විහිළු සහගත බව ඔහු පැවසීය. ලෝක තරුණ සමුළුවට පැමිණි තරුණයන්ට දේශපාලනය කිරීම ගැන කියා දෙන ලංකාවේ පාලකයන් තමන්ගේ රටේ තරුණයන් සක‍්‍රීයවම දේශපාලනය කරන විශ්වවිද්‍යාල තුළ අවුරුදු උත්සවයකට සහභාගී නොවීම නිසා පංති තහනම් කිරීමට තරම් අත්තනෝමතිකවීම ඔහු ප‍්‍රශ්න කළේය.

ඒ සමඟම මේ සියලූ ප‍්‍රශ්න පිළිබඳ සිය විරෝධය පළ කිරීමට ඊයේ පැවැත්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ උද්ඝෝෂණ පාගමන අවසානයේදී ශිෂ්‍යයන්ට පස්සා දොරෙන් සාකච්ඡාවට පැමිණීමට ආරාධනා කිරීම ගැනත් එහිදී ආණ්ඩුවේ හෙන්චයියන් මෙන් අරලිය ගහ මන්දිරයේ පිළිකන්නයෙන් රිංගීමට ශිෂ්‍ය ව්‍යාපාරය තබා ගමේ යෞවන සමාජයක්වත් අකමැති වීම පුදුමයට කරුණක් නොවන බවත් ඔහු පැවසීය.

අවසාන වශයෙන් සිසුන් සාකච්ඡාවට නොයාම ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පුබුදු ජයගොඩ මහතා ප‍්‍රකාශ කළේ මෙහි සාකච්ඡා කිරීමට තවත් දෙයක් නැති බවත් කළ යුතුව ඇත්තේ ප‍්‍රශ්නය විසඳීමට ආණ්ඩුවේ මැදිහත් වීම ලබාදීම බවත්ය. ඒ නිසා අවසාන වශයෙන් අපි ආණ්ඩුවට බලකර සිටිනවා සම සෞඛ්‍ය ගැටළුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙසත්, රජරට සරසවි සිසුන්ගේ පංති තහනම් ඇතුළු සියලූ රාජ්‍ය මර්දනය වහා නවතන ලෙසත් ය.

Monday, May 5, 2014

මොන බලපෑම් ආවත් හෙදියන්ට සූතිකා පුහුණුව නෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 
2014 මැයි 05 12.15 a.m
dr-anuruddha-padeniyaකුමන ආකාරයේ බලපෑමක් පැමිණියත් පුහුණුවන හෙදියන්ට සූතිකා පුහුණුව ලබා නොදීමට ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවැසීය.
වෛද්‍ය ආඥා පනතේ 54 වෙනි වගන්තිය යටතේ සූතිකා පුහුණුව ලැබිමේඅවසරය ඇත්තේ වින්නඹු මාතාවන්ට පමණක් වන අතර එම පුහුණුව හෙදියන්ටද ලබා දීම නීතිවිරෝධී බවද හෙතෙම කීය.
වසර 4ක හෙද පුහුණුව ලැබූ තෝරාගත් හෙදියන්ට සූතිකා කර්මය පිළිබඳව පුහුණුව ලබාදීම මතෛක් සිදු කළ අතර එම පුහුණුව ඉදිරියටත් එසේම ලබා දීමට කටයුතු කරන බවද ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පැවැසුවේයැයි වෛද්‍ය පාදෙණිය ඊයේ (4) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
හෙද වැඩ වර්ජනවලදී හෙදියන් වාට්ටුවල ඖෂධ ගබඩා කර තිබෙන කබඩ්වලට ඉබි යතුරු දමා ගොස් තිබූ බැවින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම බරපතළ ගැටලුවක් වූ බව හෙතෙම පැවසීය.වාට්ටු ලිපිකරුවන් ලෙස විභාගය සමත්වූ 4000ක් පමණ දෙනාට අදාළ පත්වීම් ලබාදීම කිසියම් වෘත්තීය සමිතියක බලපෑම් මත සිදු නොවූ බැවින්  එම පත්වීම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ නම් හෙද වැඩ වර්ජනය තුළ ඖෂධ ගබඩා කර තිබෙන කබඩ්වලට ඉබි යතුරු දමා යාමට හෙදියන්ට නොහැකි වන බවද වෛද්‍ය පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.
තවද අනෙකුත් රටවල් වල මෙන් ශල්‍යාගාර තාක්ෂණික ශිල්පීන් ලෙස වෙනමම කණ්ඩායමක් පුහුණු කර බඳවා ගැනීමට කටයුතු කරන්නේ නම් ශල්‍ය උපකරණ වල අයිතිය එම කණ්ඩායමට භාර දීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රියානි විජේසිංහ

lakbimaවර්ජනයට එරෙහිට නඩු යන හැඩ

2014 මැයි 05 08.20 a.m
Nurseරට පුරා 
රෝහල්වල සිදු කෙරෙන හෙද හෙදියන්ගේ වැඩවර්ජනයට එරෙහිව අධිකරණයේ පිහිට පතන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයපාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ නිදහස් මිතුරෝ ජාතික සංවිධානයයන පාර්ශ්ව 3 පවසයි. මෙම වර්ජන ක්‍රියාවලිය තුලින් සමස්ථ ජනතාවම බරපතල පීඩාවකට සහ අනතුරකට
පත්ව ඇති බවත් මෙවැනිකි‍්‍රයාමාර්ග ගන්නවුන්ට එරෙහිව අධිකරණයේදී කරුණු දක්වන බවත් එම පාර්ශව පවසයි.
මෙම 
වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් 650කට ආසන්න සංඛ්‍යාවක ප‍්‍රතිකාර සේවාඅඩාල වී තිබේ. මහනුවර ශික්ෂණ රෝහලේ ඉකුත්දා සිදු වූ ගර්භනී කාන්තාවකගේ මරණය සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ගර්භනී කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමට සිදුවීමද එහි ප‍්‍රතිඵලයන් බව ඇතැම් පාර්ශ්ව පැවසීය. මේ අතර අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට නොදී මනුෂ්‍යත්වයේ නාමයෙන් සේවයට පැමිණෙන්නැයිද ගැටළුවක් ඇත්නම් ඕනෑම දවසක පැය 24ම සාකච්ඡා කිරීම සඳහා සුදානම් යැයිද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙද හෙදියන්ට ඊයේ (04) දැනුම් දී සිටියේය.
හෙද
වැඩවර්ජනයෙන් ඉරිදා(04)සවස සිට ඉවත් වූ බවත් අනුව අද උදෑසන සිට සේවයට වාර්තාකරන ලෙසත් සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයකියා සිටී.එහෙත් තවත් සංගම් කිහිපයක් තවදුරටත් වර්ජනයේ යෙදී සිටී.
නර්ස්‌ලා අදත් වර්ජන 
එක්‌සත් හෙද සංගමය වර්ජනයෙන් ඉවත් වුවද අපි වර්ජනය කරනවා

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති කියයි


චමින්ද සිල්වා

හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලා දියත් කර තිබෙන හෙද වර්ජනය අද (05 වැනිදා) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ (04 වැනිදා) ප්‍රකාශ කළේය.

හෙද වර්ජනය සඳහා තම සංගමය සමග රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය එක්‌ව සිටින බව කී හෙතෙම එක්‌සත් හෙද සංගමය වැඩ වර්ජනයෙන් අද ඉවත් වුවද තම සංගමයේ සාමාජිකයන් අදත් වර්ජනයේ නිරත වන බවද කීය.

තම සංගමයේ සාමාජිකයන් දිවයින පුරා පිහිටි රෝහල් 650 ක සේවය කරන බවත් ඔවුන් ඉල්ලන සාධාරණ ඉල්ලීම්වලට කන් දීමට බලධාරීන් නිසි පියවරක්‌ නොගැනීම නිසා හෙද වර්ජනය දිග්ගැස්‌සෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
lankadeepa 5/5/2014

හාමුදුරුවන්ගේ සංගමයත් ගාල්ලේ වැඩ නෑ
2014 මැයි මස 05 09:09:32 | වේරගොඩගේ සජිව විජේවීර
 
හෙද වර්ජනය අද සිට අවසන් කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙරදින පැවසුවත් වර්ජනය දිගටම ගෙන යන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හා කරාපිටි ශාඛාවේ සභාපති දකුණු පලාත් සංවිධාන ලේකම් ඩී.බොරලැස්ස කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙද සේවය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ ඉල්ලා අස්කැරගන්නා තුරු අඛණ්ඩ වැඩවර්ජනයක යෙදීමට තීරණය කැර ඇතැයි බොරලැස්ස මහතා පවසයි. ඒ අනුව සියළුම රෝහල්හි දැඩි සත්කාර ඒකක, හදිසි ශල්‍යකර්ම, ළමා ඒකක යන අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා හෙද නිලධාරී නිලධාරිනියන් සිය සේවා ලබා දුන්න ද ඔවුන් අත්සන් කිරීමෙන් වැළකී සාමාන්‍ය ඇඳුමින් සැරසී එසේ කරන බව ද හෙතෙම කියා සිටියේය. හෙදියන් විසින් කළ යුතු කාර්යයන් සඳහා කණිෂ්ඨ කාර්ය මණ්ඩල යොදා ගන්නේ නම් අත්‍යාවශ්‍ය සේවාවලින් ඉවත්වීමට සිදුවන බව බොරලැස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය. කරාපිටිය රෝහලේ හෙද හෙදියන් 1400 කින් අද අත්‍යාවශ්‍ය සේවයේ යෙදී සිටින්නේ 65 දෙනකු පමණක් බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

Friday, May 2, 2014


ADADERANA news




වෙදුන් වින්නඹුවන් හෙද සේවකයින් කඹ අදියි - රෝගීහූ අසරණවෙති



වෙදුන් වින්නඹුවන් හෙද සේවකයින් කඹ අදියි - රෝගීහූ අසරණවෙති

May 3, 2014  09:58 am
Bookmark and Share

ඊයේ පස්වරුවේ තීරණය කළ පරිදි අද පෙරවරුවේ සිට දිවයිනේ සියලු රෝහල්වල මේවන විට හෙද වර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙදියන්ට සුතිකා පුහුණුව ලබා නොදීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ලබා දෙන සුතිකා පුහුණුව හෙද කාර්ය මණ්ඩලයට ලබා දීමත් සමඟ හටගෙන ඇති ගැටළුව පිළිබද සාකච්ජා කිරීම සදහා ඊයේ පස්වරුවේ සාකච්ජාවක් පැවැත් වුණි.

එම සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ නියෝජිතයින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

එහෙත් හෙදියන්ට සුතිකා පුහුණුව දීම සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවිකා සංගමය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී විරුධත්වය පළ කර ඇති බව සඳහන්ය.

හෙදියන්ට තවදුරටත් සුතිකා පුහුණුව දීමට කටයුතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම ස්ථාවරයට හෙද සංගමය විරුද්ධවීම හේතුවෙන් සාකච්ජා තීරණයකින් තොරව අවසන් වී ඇති බව සඳහන්ය.

අදාළ සාකච්ජාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් සහභාගි වී නැත.‍

කෙසේ වෙතත් එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසන්නේ හෙද නිලධාරීන්ට සුතිකා පුහුණු ලබාදීම අනිවාර්ය සිදුකළ යුත්තක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයියා මහතා පවසන්නේ අදාළ බලධාරීන් සමඟ සාකච්ජා මාර්ගයෙන් ගැටළුව විසදා ගැනීමට තිබු අවස්ථාව හෙද වෘත්තීය සමිති මගහැරිය බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගැටළුවට මැදිහත්වීම සම්බන්ධයෙන් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අප්‍රසාදය පළ කරයි.

මෙම ගැටළුව විසදීම සඳහා බලධාරීන් පියවර ගන්නා සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව හෙද වෘත්තීය සමිති ක්‍රියා කළ බවට පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවකා කොඩිතුවක්කු මහත්මිය චෝදනා කරයි.

කුමන බාධක පැමිණිය ද තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

කුමන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹිය ද අසරණ රෝගීන් අසීරුතාවයට පත් නොවන ලෙස ක්‍රියා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයියා මහතා කියයි.