Wednesday, June 12, 2013

හෙදියන්ට අතිකාල සේවයෙන් මිදෙන්නට බල කරයි


2


013 ජුනි 12  06:32 p.m
දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් ලබන 17 වෙනි දින සිට අතිකාල සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අවධාරනය කරයි. මේ හේතුවෙන් රෝහල්වල රෝගී සත්කාර සේවාවන් බිඳවැටීම නොවලැක්විය හැකි බවත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් බාරගත යුතු බවත් සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළහ.
තම සංගමය මහා භාණ්ඩාගාරය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව අතිකාල දීමනාව සෑම පැයකටම රුපියල් 100 බැගින් ලබා ගැනීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම දීමනාවට සමාන දීමනාවක් අතුරු වෛද්‍ය සේවාවටද ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීම බලවත් අසාධාරණයක් බව ආනන්ද හිමියෝ සඳහන් කළහ.
මෙම අසාධාරණ ක්‍රමවේදය හේතුවෙන් හෙදියන් මහත් කළකිරීමට පත්ව ඇතැයි සංගමය අවධාරණය කරයි.
මේ වන විට රජයේ රෝහල් වල 10000ක පමණ හෙද හිගයක් පවතින බැවින් අතිකාල සේවාවන්ගෙන් ඉවත් වීමෙන් රෝහල් තුළ රෝගී සත්කාර සේවාවන් මහා පරිමානයෙන් බිද වැටෙන බවද සංගමය පෙන්වා දේ.


No comments:

Post a Comment