Sunday, June 16, 2013

ඩෙංගුවාගෙන් බේරෙන්න ආලේපනයක් හදයි

June 16, 2013  03:08 pm
ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඇඟ ගැල්විය හැකි විශේෂ ආලේපනයක් හඳුන්වාදීමට පර්යේෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පාසල් ළමුන්ට සහ එළිමහන්වල රැකියාවල නිරත වන පුද්ගලයින්ට අදාළ ආලේපනය භාවිත කළ හැකි ආකාරයට සකස් කිරීමට නියමිතය.

ඊට අමතරව ඩෙංගු මදුරුවන්ගේ ප්‍රජනන පද්ධතියට හානී වන ආකාරයේ තරංගයක් නිකුත් කළ හැකි විද්‍යුත් උපකරණයක් නිපදවීමට ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නිවෙස්වල විද්‍යුත් පද්ධතියට සවිකළ හැකි ආකාරයෙන් එම උපකරණය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ඊට අමතරව මදුරුවන් බහුලව බෝවන ස්ථානවලට යෙදීම සඳහා නව හොර්මෝනයක් හඳුන්වාදීමට ද නියමිතය.

එම හොර්මෝනය ජලයේ දියවී ගොස් මදුරුවා සුහුබුල් අවස්ථාවේදීම මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

වර්තමානයේ පවතින ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා මහජනතාවගේ උනන්දුව ප්‍රමාණවත් නොවන බැවින් ඊට පිළියමක් ලෙස මෙම නව වැඩසටහන් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේය.

No comments:

Post a Comment