Published on Sunday, 16 June 2013 09:30
සිරුරේ තරබාරුකම අඩුකරගැනීම සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ වනවිට තරබාරු බව මෙරට ප‍්‍රධාන සෞඛ්‍ය
ගැටළුවක් බවට පත්ව ඇති අතර ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 22 ක් තරබාරු
බවින් පෙළෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ හේතුවෙන් අධික රුධිර පීඩනය, හෘදයාබාධ,
දියවැඩියාව, ආඝාතය වැනි රෝගවලට ගොදුරුවන සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය
අමාත්‍යංශය පෙන්වා දෙයි.
ඒ අනුව මෙම පරීක්ෂණය සඳහා තරබාරු බවින් පෙළෙන වයස අවුරුදු 15 ත් 50 ත් අතර පිරිසක් යොදා ගැනීමට නියමිතය.
ඔවුන්ගේ ආහාර රටා, සෞඛ්‍ය පුරුදු හා සමාජ
තත්ත්වයන් දීර්ඝ ලෙස විශ්ලේෂණය කරමින් අදාළ පරීක්ෂණය සිදු කෙරෙන බව කොළඹ
වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා කියා සිටියේය.
අවුරුදු 50ට අඩු පුද්ගලයන් සදහා ජූනි මස
19, 20 සහ 21 දිනවලදී බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී විශේෂ පරීක්ෂාවක්ද
සිදුකර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ
No comments:
Post a Comment