Wednesday, June 26, 2013

රෝහල් සුළු සේවකයින්ට ආචාරධර්ම පද්ධතියක් හදන්න යයි


රෝහල් සුළු සේවකයින්ට ආචාරධර්ම පද්ධතියක් හදන්න යයි

2013 ජුනි 25 07:12 p.m
රෝහල්වල සුළු සේවකයිගේ නොමනා ක්‍රියා කලාපය පිළිබඳව විරෝධය දක්වමින් මහජන පැමිණිලි විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබෙන බැවින් ඔවුන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට එම අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන පුහුණු පර්යේෂණ ඒකකය තීරණය කර ඇත. මේ අනුව සෑම රෝහලකම සුළු සේවකයින් පුහුණු කිරීමට එම රෝහ‍ලේම ප්‍රධාන හෙද නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව ත් එම පුහුණුව අද (25) කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී ආරම්භ කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේය.
මෙම පුහුණුවේදී රෝහල් සුළු සේවකයින්ට ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව දැනුවත් භාවයක් ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම කීය. රෝහල්වල සුළුසේවක තනතුර සඳහා අධ්‍යාපන සුදුසුකම් නොබලන අතර බොහෝ පිරිසක් දේශපාලන හිතවත්කම් මත පැමිණෙන බැවින් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හී ගැටළු සහගත තත්තවයක් මතුවී තිබෙන බවද වෛද්‍ය අල්විස් මහතා පෙන්වා දේ.

ශ්‍රියානි විජේසිංහ

 

No comments:

Post a Comment