මව්බිම දැන්
සරසවි අංශාධිපතිනියට තුවාල කළ නීති සිසුවා අංගොඩ මානසික රෝහලට |
සඳුනි දේශප්‍රිය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපතිනිය වන යශෝධරා කදිරගාමර් තම්බි මහත්මිය ආයුධයකින් කපා තුවාල සිදුකළ සැකකරු ඊයේ (24 දා) අංගොඩ මානසික රෝහලට යැවූ බව රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මොහන්දිරම්ගේ මහතා කීය. කදිරගාමර් තම්බි මහත්මියව ආයුධයකින් කපා තුවාල සිදුකළ බව කියන සැකකරු නිදි පෙති වැනි දෙයක් පානය කිරීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කොට තිබිණි. සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා එම රෝහල වෙත යැවූ බවත් මේ වන විට සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත් වැඩිදුරටත් අධ්යක්ෂවරයා සඳහන් කෙළේය. තුවාල ලැබූ අංශාධිපතිනියද මේවන විට දැඩි සත්කාර ඒකකයේ සිට වාට්ටුවකට යොමුකර ඇති අතර, දැඩි ලෙස කැපුම් තුවාල සිදුවීම හේතුවෙන් එම තුවාලවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය හෙයින් රෝහලෙන් පිටව යෑම ප්‍රමාද විය හැකි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ සිරිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. |
No comments:
Post a Comment