Wednesday, June 26, 2013

ඩෙංගු බෝකළ 2654 දෙනෙකුට දඩ


රෝගී දරුවන්ට අලුත් ඇඳක්


රෝගී දරුවන්ට අලුත් ඇඳක්

රෝගී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා නව ඇදක් නිර්මාණය කිරීමට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ තීරණය කර ඇත. දැනට රෝහලේ පවතින ඇදවල් දරුවන්ගේ සෞඛ්‍යයට බාධා පැමිණෙන බැවින් හා රෝගී දරුවන් අසල සිටින මව්වරුන්ගේ ශබ්ර සෞඛ්‍යයට හිතකර අන්දමින් මෙම නව ඇද නිර්මාණය කරන බව ඔහු පැවසුවේය. රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගී දරුවන් ළග සිටින මව්වරුන්ට දීර්ඝ කාලයක් දරුවා සමග රෝහලේ සිටීමට සිදුවන විට මව්වරුන්ට අවශ්‍ය නින්ද නොලැබීමෙන් විවිධ රෝගාබාධ හටගන්නා බවද වෛද්‍යවරයා කීවේය. මෙම තත්වය මගහැරීම සම්බන්ධයෙන් නව ඇද නිර්මාණය කරන බවත් එම ඇදේ මවට හා දරුවාට සුවපහසුවෙන් නිදාගත හැකි බවත් අධ්‍යක්ෂවරයා කීවේය.

රෝහල් සුළු සේවකයින්ට ආචාරධර්ම පද්ධතියක් හදන්න යයි


රෝහල් සුළු සේවකයින්ට ආචාරධර්ම පද්ධතියක් හදන්න යයි

2013 ජුනි 25 07:12 p.m
රෝහල්වල සුළු සේවකයිගේ නොමනා ක්‍රියා කලාපය පිළිබඳව විරෝධය දක්වමින් මහජන පැමිණිලි විශාල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබෙන බැවින් ඔවුන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට එම අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන පුහුණු පර්යේෂණ ඒකකය තීරණය කර ඇත. මේ අනුව සෑම රෝහලකම සුළු සේවකයින් පුහුණු කිරීමට එම රෝහ‍ලේම ප්‍රධාන හෙද නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව ත් එම පුහුණුව අද (25) කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී ආරම්භ කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සඳහන් කළේය.
මෙම පුහුණුවේදී රෝහල් සුළු සේවකයින්ට ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව දැනුවත් භාවයක් ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම කීය. රෝහල්වල සුළුසේවක තනතුර සඳහා අධ්‍යාපන සුදුසුකම් නොබලන අතර බොහෝ පිරිසක් දේශපාලන හිතවත්කම් මත පැමිණෙන බැවින් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හී ගැටළු සහගත තත්තවයක් මතුවී තිබෙන බවද වෛද්‍ය අල්විස් මහතා පෙන්වා දේ.

ශ්‍රියානි විජේසිංහ