රෝහල් කණිෂ්ඨ සේවක වර්ජනය අවසන්
2013 මාර්තු 19 01.40 p.m

මාතලේ
රෝහලේ සෞඛ්‍ය සහායක සේවකයින් 140 දෙනෙකු පමණ මෙම වර්ජනයට එක්ව සිටි අතර
පැවැති සේවක වර්ජනය හේතුවෙන් සායනික සේවා සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණි.
ශල්‍යකර්ම කීපයක්ද නවතා දැමීමට සිදුවූ අතර අනිකුත් සේවා සාමාන්‍ය අන්දමට
පවත්වා ගෙන යාමට හැකිවූ බව වෛද්‍ය අධිකාරි අර්ජුන තිලකරත්න මහතා පැවසිය.
සේවක
විරෝධතාව සම්බන්ධයෙන් මෙම 20 දිනට පළාත් සෞඛ්‍ය ලේකම්වරිය විසින්
සාකච්ඡාවක් කැඳවා ඇති බව දැනුම් දීම නිසා වර්ජනය අවසන් කළත් සාකච්ඡා
අසාර්ථක වුවහොත් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති නායකයෙකු
පැවසීය.
හේවා පී කරුණාරත්න(මාතලේ දිස්ති‍්‍රක්) අශෝක එරමිණිගම්මන (දඹුල්ල)
No comments:
Post a Comment