තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික හිමිනමකට හිරිහැර

අත්අඩංගුවට පත්ව ඇති මෙම දස දෙනෙකුගෙන් සමන්විත පිරිස, නාම් තමිසර් සහ පොදු උඩමෙයි පක්ෂවලට සම්බන්ධ පිරිසක් බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මෙම සිද්ධියෙන් භික්ෂූන්වහන්සේට හෝ උන්වහන්සේ සමග සිටි අයට හෝ තුවාල සිදුවී නොමැති බවද ඉන්දීය පොලීසිය සඳහන් කරයි.
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඥානාලෝක හිමියන් හා උන්වහන්සේ සමග සිටි ශිෂ්‍යයින් 18 දෙනෙකු පොලිස් රථ වාහන මගින් තන්ජුවර් පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට පියවර ගත් බවද, ඉන්දීය පොලීසිය වැඩිදුරටත් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
තමිල්නාඩුවේදී පහරකෑමට ලක්වූ පත්බේරියේ ගණනාලෝක හිමියන් ආරක්ෂිතව නවදිල්ලි නුවරට වැඩම කළ බව ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (17) නිවේදනය කළේය.
මේ සමග ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වහාම ක්‍රියාත්මක වී උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් කඩිනමින් නවදිල්ලි නුවරට කැඳවා ගැනීමටත් පියවර ගෙන ඇත. ඒ අනුව සිද්ධිය වූ සෙනසුරාදා දිනයේ සවසම උන්වහන්සේ නවදිල්ලි නුවරට කැඳවා ගැනීමට පියවර ගත් බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
සංජය නල්ලපෙරුම - ඉන්දියාවේ සිට - පැතුම් වික්‍රමරත්න,
No comments:
Post a Comment