මානසික රෝහලට සුදුස්සෙකු නෑ
අංගොඩ මානසික රෝහලට වසර 10 ක කාලයක් ස්ථීර අධ්‍යක්‍ෂවරයෙකු පත්
කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමය පවසයි.
ඉතා ඉක්මනින් එම රෝහලට සුදුසු අධ්‍යක්‍ෂවරයෙකු පත් නොකරන්නේ නම් ඊට
එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් සුදානම් බව එම සංගමය පවසා සිටියා.
ඊයේ (15) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක
නවින්ද සොයිසා මහතා කියා සිටියේ වසර 10 ක කාලයක් අංගොඩ මානසික රෝහලේ වැඩ
බැලීම සඳහා අධ්‍යක්‍ෂකවරයෙකු පත් කර ඇති අතර ඔහු එම තනතුර දැරීමට
සුදුස්සෙකු නොවන බවයි. අදාළ අධ්‍යක්‍ෂකවරයා වෛද්‍ය පරිපාලන පිළිබඳව දැනුමත්
නැති අතර මේ හේතුවෙන් රෝහලේ පරිපාලන කටයුතු ද අවුලට පත් වී ඇති බව ද ඔහු
සඳහන් කළා.
No comments:
Post a Comment