1886 මැයි 4 වැනිදා ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටේ
වැඩමුරය ඉල්ලා දියත් කළ වැඩ වර්ජනයක් සමග පැවැත් වූ විරෝධතාවයට එල්ල වු
බෝම්බ ප්‍රහාරයත් සමග වෙඩි තැබීමක්‌ද සිදුවීමෙන් පොලිස් නිලධාරීහු
හත්දෙනෙක් මියගියහ. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ වැඩ වර්ජකයන්ය.
ඉන් එක් අයකුට බෝම්බයක් නිෂ්පාදනය කළේය යන චෝදනාව එල්ල වීය. නඩු විභාගය
අවසානයේදී හත්දෙනකුට මරණ දඬුවම නියම විය. එක් අයකුට වසර 15 ක සිර දඬුවමක්
පැනවුණි. මරණ දඬුවම නියම වූවන්ගෙන් දෙදෙනකුට ඉලිනොයිස් ආණ්‌ඩුකාර රිචඩ්
ඩිප්ල්ස්‌ච් විසින් ජීවිතාන්තය තෙක් සිරගෙට නියම කෙරුණි. තවත් අයෙක්
සිරගෙයි තුළදී දිවි නසා ගත්තේය.
1887 නොවැම්බර් 11 වැනිදා සිව් දෙනකු එල්ලා මරා දමනු ලැබීය. එහෙත් 1893
දී නව ආණ්‌ඩුකාර පීටර් ඇල්ගෙයිඩ් එලෙස සිරදඬුවම් නියම වු පිරිසට සමාව දී
නඩු විභාගය පැවැත් වූ ආකාරය ගැන දෝෂාරෝපනය කළේය. හෙල්මාර්ක් සිද්ධිය නමින්
හඳුන්වනු ලැබු මෙය ජාත්‍යන්තර මැයි දිනය ආරම්භ වීමට මග පාදනු ලැබීය. ලෝකයේ
වැඩ කරන කම්කරු ජනතාවගේ ෙඓතිහාසික දිනය බවට මැයි 1 දා නම් කෙරුනේ මෙලෙස
චිකාගෝ විරෝධතාවය සැමරීම සඳහාය.
1873 සහ 1875 අතර සමයේ ඇමරිකාවේ චිකාගෝ නුවර කර්මාන්ත සංවර්ධනය වඩාත්
වර්ධනය වුණි. දසදහස් ගණනක් විදේශීය සංක්‍රමිකයෝ චිකාගෝ නගරයට පැවැති අතර
ඔවුන්ට දිනකට ගෙවනු ලැබුවේ ඩොලර් 1.50 කි.
මේ වැටුප යටතේ කම්කරු ජනතාවට පැය 9 සිට පැය 14 දක්‌වා වැඩ කිරීමට
සිදුවිය. මේ නිසා කම්කරු ජනතාව සිය ඉල්ලීම් ඉල්ලා විරෝධතා දක්‌වන්නට වූහ.
1884 දී වෘත්තීය සමිති සම්මේලනය විසින් 1886 මැයි 1 සිට පැය අටේ වැඩමුරය
ක්‍රියාත්මක විය යුතු බවට යෝජනාවක් සම්මත කෙරුණි.ඒ. අනුව නිව්යෝර්ක්‌හි,
ඩිට්‌රොයිට්, විස්‌කොන්සින්a සහ චිකාගෝ යන නගරවල කම්කරුවෝ වැඩ වර්ජනය
කරමින් මහමගට පැමිණියහ.
ඩිට්‍රොයිට් නගරයේ පමණක් 11000 කට අධික කම්කරුවන් වැඩ නතර කළහ.
අනතුරුව මැයි 4 වැනිදා චිකාගෝහි හෙල්මාර්ක් චතුරශ්‍රයේදී විරෝධතා රැලියක්
ආරම්භ විය. වෘත්තීය සමිති නායකයන් විසින් වැඩ වර්ජකයන් අමතා දේශන පවත්වන
අවස්‌ථාවේ පොලිස් කොමසාරිස් ජෝන් බොන්විල්ට් ඇතුළු පොලිස් නිලධාරීන්
පිරිසක් පැමිණ කම්කරුවන්ට විසිර යන්නැයි උපදෙස් දෙනු ලැබීය.
මේ අවස්‌ථාවේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර වෙඩි හුවමාරුවක්‌ද
සිදුවීය. මෙම අත්බෝම්බ ප්‍රහාරය කම්කරුවන් වෙත එල්ල කර ඇත්තේ පාලකයන්ගේ
ආධාර කරුවන් බව පසුව වාර්තා විය.
1886 මැයි 4 දා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවසූවේ කම්කරුවන් විසින්
පොලිසියට වෙඩි තැබූ බවයි. එහෙත් ඉතිහාසඥ්ඥ පොල් අවිච් පැවසූවේ දිවයන
කම්කරුවන්ට පොලිසිය වෙඩි තැබූ බවයි. නිව්යෝක් පුවත් පත කම්කරුවන්
විසින්පොලිසියට වෙඩි තැබූ බව පැවසූවත් ඔහුන් ළඟ තුවක්‌කු පොලිසියට හමුවූයේ
නැත. මෙහිදී පොලිස් නිලධාරීන් හත්දෙනෙක් හා කම්කරුවන් සිව්දෙනෙක් එහිදී
මියගිය බව අනාවරණය විය.
චිකාගෝ හෙරල් පුවත්පත පැවසූවේ මෙකී සිද්ධිය ඛේදවාචකයක් බවත් තුවාල ලත්
කම්කරුවන් වීදිවල වැටී සිටි බවත්ය.ඉන්පසු පොලිසිය විසින් කම්කරුවන් පසුපස
හඹායාම ආරම්භ කෙරුණි. අත්අඩංගුවට ගනු ලැබුවන් සම්බන්ධ පවත්වනු ලැබූ නඩු
විභාගයද පරස්‌පර විරෝධී ලෙස පවත්වා තිබේ. අවසානයේදී මරණ දඬුවම නියම
වූවන්ගෙන් එක් අයකු වූ ලින්ස් තම සිර මැදිරිය තුළදී සිය දිවි නසාගත්තේය.
එහෙත් 1887 නොවැම්බර් 11 වැනිදා එක්‌නල් - පිචර් - පාසන් යන ස්‌පයිස් යන
සිව්දෙනා එල්ලා මරා දමනු ලැබීය. ඔවුන්ව එල්ලුම් ගහට ගෙනයන අවස්‌ථාවේ
ජාත්‍යන්තර විමුක්‌ති ගීතය වු මාසේලි ගීය ගයනු ලැබූ බව වාර්තා විය.
මෙම සිව්දෙනාව අත්අඩංගුවට ගෙන තිබුණේ බෝම්බ නිෂ්පාදනය වෙනුවෙනි. එහෙත්
ඔවුන් ළග බොම්බ හමු වී නැත.පොලිසියට බෝම්බ තැනූ නියම බෝම්බකරු අධිකරණය වෙත
ගෙන ඒමටද පොලිසියට නොහැකි වීය. හෙල්මාර්ක් සිද්ධියේදී මියගිය පොලිස්
නිලධාරීන්ව සිහිපත් කිරීම සඳහා චිකාගෝ නගරයේදී ස්‌මාරකයක් ඉදිකරනු ලැබීය.
එහෙත් 1968 මැයි 4 වැනිදා ඊට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වීය.
චිකාගෝ නුවර කම්කරුවන් විසින් පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ
වැඩවර්ජනයේදී හැලූ ලේ චිකාගෝ නගරය පුරා ගලා ගියේය.එදා කම්කරු ජනතාව වැගිරූ
රුධිරය නිසා පැය අටේ වැඩමුරය රටවල් රැසකදී ක්‍රියාත්මක වීය. මේ පසුබිම යටතේ
ලෝකයේ රටවල් රැසක් අද මැයි දිනය නිවාඩු දිනයක් බවට පත්කර දිවිපිදූ
කම්කරු ජනතාව සිහිපත් කරති.
විශේෂයෙන් රුසියාව, චීනය උතුරුකොරියාව හා ලතින් ඇමරිකානු රටවල ජනතාව
ලක්‍ෂ ගණනක් මැයි දිනය උත්කර්ෂවත් ලෙස සමරති. මෙලෙස වැඩ කරන ජනතාව
වෙනුවෙන් ලොව රටවල් රැසක් නීතිරීති පනවමින් ඉල්ලීම් ලබාදී ඇතත් ඇතැම්
රටවල් තවදුරටත් යල්පැනගිය නීතිරීති ක්‍රියාත්මක කරති. 1955 දී වතිකානුව
විසින් මැයි 1 දා දිනය කම්කරු ජනතාවගේ සාත්තුවරයා වූ ජෝශප් වෙත කැප කරනු
ලැබීය.
ස්‌පාඤ්ඤය ජර්මනිය යන පෘතුගාලය යන රටවල් මැයි 1 දා නිවාඩු දිනයක් කිරීම
අවලංගු කර ඇති අතර ඇමරිකාව මැයි 1 දා සහයෝගිතා දිනය ලෙස නම් කර ඇත
Wednesday, May 1, 2013
මරු සිරා රිමාන්ඩ්
මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් සොරකම් කළ මෘදුකාංග
හා පිවිසුම් කේත විකිණූ බව කියන පරිගණක හැකරයෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සංගප්පුලි මහතා විසින් මෙම පුද්ගලයා
මැයි දෙවැනිදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.යුද හමුදා බුද්ධි අංශය මගින්
ඊයේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.මහනුවමර ධර්මාශෝක මාවතේ පදිංචි මෙම පුද්ගලයා නිති විරෝධී ලෙස මෘදුකාංග හා පිවිසුම් කේත තම ලියා පදිංචි ගනුදෙණුකරුවනට විකුණා ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
අනුන්ගේ වෙබ් අඩවිවලට හොරෙන් ඇතුළු වීම සඳහා අවශ්‍ය මෘදුකාංග සැපයූ ඔහු ඒ සඳහා උපදෙස් දී ඇතැයි ද අදිකරණයේදී හෙළිවිය.එමෙන්ම මෙම පුද්ගලයා නීතිවිරෝධි ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මකා ඇති බව ද පොලීසිය අධිකරණයට දැන්වීය
ජනපතිගෙන් විදුලි බිලට සහනයක්
අද (01) දිනට යෙදී තිබූ මැයි දින රැළියකට සහභාගී වූ හෙතෙම මේ බව සඳහන් කර තිබේ.එමෙන්ම ඒකක 180 දක්වා වන විදුලි ගාස්තුව සඳහා ද යම්කිසි සහනයක් ලබාදෙන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ ජනපති මෙසේ කීවේය. ‘‘එක්සත් ජාතික පක්ෂ කාලයේ විදුලි බලාගාර කලට වේලාවට ඉදි කෙළේ නැහැ. අප එම බලාගාර ඉදි නොකෙළේ නම් ජනතාවට යන්න වෙන්නේ පන්දම් පත්තු කරගෙනයි. එක්සත් ජාතික පක්ෂය දැන් හැම තැනම පෙන්වන්නේත් ඒකමයි‘‘
Wednesday, 01 May 2013 08:21
රෝහල් සේවකයින් එන්නත් කිරීමේ සුදානමක්
ඉන්ෆ්ලුවන්සා හෙවත් සූකර උණ (A H 1 N 1) රෝගය රට පුරා පැතිර යැමේ
අවදානමක් මතුව ඇති නිසා සියලු රෝහල් සේවකයන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදීමට
සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම උණ රෝගය වැළඳුණු රෝගීන් මේ දිනවල දිවයිනේ රෝහල් රැසකට ප්‍රතිකාර
සඳහා පැමිණෙන නිසා රෝහල් කාර්ය මණ්‌ඩලයට ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදනය වීමේ
වැඩි ප්‍රවණතාවක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පවසා තිබේ.
සෘතුමය උණ රෝගයක් වන ඉන්ෆ්ලුවන්සා (AH1N1) රෝගයට විශේෂයෙන් ගැබිනි මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු හැටට ඉහළ වැඩිහිටියන් සහ විවිධ කායික රෝගවලින් පෙළෙන්නන් ගොදුරු වන බව ද මෙම වෛරසය ආසාදනය වූ විට බරපතළ සංකූලතාවන්ට ලක්‌වන බව ද ඉහත ප්‍රකාශකයා කීය.
කැස්‌ස සමඟ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වහා රෝහලකින් ප්‍රතිකාර ලබාගත යුතු බව ද නිවසින් පිටතට ගොස් පැමිණි වහා දෑත් හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම මෙම රෝගයෙන් වැළකීම සඳහා ආරක්‍ෂිත පියවරක් යෑයි ද හෙතෙම කීය.
කිවිසුම් මගින් සහ කතා කරද්දී කෙළ බිඳිති මාර්ගයෙන් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට පහසුවෙන් මෙම ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යා හැකි බව ද කී හෙතෙම කිවිසුම් යැමේදී සහ කැස්‌ස ඇතිවන අවස්‌ථාවන්හි ද ඉවතලන කඩදාසි ලේන්සු (ටිෂූ පේපර්) භාවිත කිරීම යෝග්‍ය බව ද කීය.
ජනයා බහුලව ගැවසෙන ස්‌ථානවල සිටින අය මුහුණු ආවරණ පැළඳීම ද මෙම වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා සුදුසු බව කී හෙතෙම ඉන්ෆ්ලුවන්සා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමට සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලයට විශේෂ පුහුණුවක් ලබාදීමට මෙන්ම ඔවුන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදීම සඳහා ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සෑම රෝහලකටම චක්‍රලේඛයක් නිකුත් කළ බව ද කීවේය.
divaina
සෘතුමය උණ රෝගයක් වන ඉන්ෆ්ලුවන්සා (AH1N1) රෝගයට විශේෂයෙන් ගැබිනි මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු හැටට ඉහළ වැඩිහිටියන් සහ විවිධ කායික රෝගවලින් පෙළෙන්නන් ගොදුරු වන බව ද මෙම වෛරසය ආසාදනය වූ විට බරපතළ සංකූලතාවන්ට ලක්‌වන බව ද ඉහත ප්‍රකාශකයා කීය.
කැස්‌ස සමඟ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් වහා රෝහලකින් ප්‍රතිකාර ලබාගත යුතු බව ද නිවසින් පිටතට ගොස් පැමිණි වහා දෑත් හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම මෙම රෝගයෙන් වැළකීම සඳහා ආරක්‍ෂිත පියවරක් යෑයි ද හෙතෙම කීය.
කිවිසුම් මගින් සහ කතා කරද්දී කෙළ බිඳිති මාර්ගයෙන් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට පහසුවෙන් මෙම ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යා හැකි බව ද කී හෙතෙම කිවිසුම් යැමේදී සහ කැස්‌ස ඇතිවන අවස්‌ථාවන්හි ද ඉවතලන කඩදාසි ලේන්සු (ටිෂූ පේපර්) භාවිත කිරීම යෝග්‍ය බව ද කීය.
ජනයා බහුලව ගැවසෙන ස්‌ථානවල සිටින අය මුහුණු ආවරණ පැළඳීම ද මෙම වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා සුදුසු බව කී හෙතෙම ඉන්ෆ්ලුවන්සා රෝගීන්ට හිඟයකින් තොරව ඖෂධ සැපයීමට සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලයට විශේෂ පුහුණුවක් ලබාදීමට මෙන්ම ඔවුන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදීම සඳහා ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සෑම රෝහලකටම චක්‍රලේඛයක් නිකුත් කළ බව ද කීවේය.
divaina
AH1N1 වෛරසය යළිත්?
අදාළ වෛරසය ආසාදනය වූ රෝගීන් වැඩි වශයෙන් මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය
අංශ පෙන්වාදෙයි.මෙය සාමාන්‍ය වෛරස් තත්ත්වයක් වුව ද මේ වන විට එය ගැබිණි
මව්වරුන්ට වැළඳීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන්
කළේය.
ගැබිණි මව්වරුන්ට මෙම වෛරසය ආසාදනය වීම තුළින් ජීවිත හානි කිහිපයක් ද පසුගිය දිනවල වාර්තා විණි.කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සහ මහජන සෞඛ්‍ය අංශය මේ පිළිබඳ මෙතෙක් අවධානය යොමුකර නොමැති බව වාර්තා වේ.ඉන්ෆ්ලුවන්සා AH1N1 වෛරසය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු නොකිරීම එය මෙරට තුළ තවදුරටත් ව්‍යාප්ත වීමට හේතුවී ඇත.
ගැබිණි මව්වරුන්ට මෙම වෛරසය ආසාදනය වීම තුළින් ජීවිත හානි කිහිපයක් ද පසුගිය දිනවල වාර්තා විණි.කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සහ මහජන සෞඛ්‍ය අංශය මේ පිළිබඳ මෙතෙක් අවධානය යොමුකර නොමැති බව වාර්තා වේ.ඉන්ෆ්ලුවන්සා AH1N1 වෛරසය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු නොකිරීම එය මෙරට තුළ තවදුරටත් ව්‍යාප්ත වීමට හේතුවී ඇත.
| ලැජ්ජා විය යුතුද? දුක් විය යුතුද? |
|
දරු ප්‍රසූතියට රෝහලට ඇතුළු වන මවුවරු අති
බහුතරය දරුවන් මෙලොව එළිය දුටු පසු සුවසේ නිවෙස බලා යති. අතීතයේදී නම්
ප්‍රසූතිය නිවෙසේදීම සිදු වූ අතර මවගේ මෙන්ම දරුවාගේ ජීවිතයද සුරක්ෂිත වූයේ
නැත. එක් අයකුගේ හෝ දෙදෙනාගේම හෝ ජීවිත අහිමි වන අවස්ථා එමටය. මෙකල මෙන්
නොව එකල වෛද්‍ය පහසුකම් නොමැති වීම ඊට හේතු විය. එහෙත් මෙතරම් වෛද්‍ය
පහසුකම් ඇති වර්තමානයේ දරු ප්‍රසූතියට රෝහලක් නැතිකමින් ගැබිනි මවක හා
නූපන් දරුවා මරණයට පත්වේ නම් එය බරපතළ ඛේදවාචකයකි. මිහින්තලේ මහවාහල්කඩ ගොවි ජනපදයේ විසිහතර හැවිරිදි ගැබිනි මවක ඇගේ කුලුඳුල් දරුවා බිහි කිරීම සඳහා ඇතුළු වීමට ළඟපාතක රෝහලක් නොමැති වීම හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී තිබෙන බව ඊයේ දිනපතා 'මව්බිම' මුල්් පුවතින් කියැවිණි. මහවාහල්කඩ ග්‍රාමීය රෝහලක් තිබුණද, එහි නේවාසික වෛද්‍යවරයකු නැති අතර මාතෘ නිවාසයද වසා දමා තිබීම හේතුවෙන් කිලෝමීටර් තිස් දෙකක් මඟ ගෙවා පදවිය රෝහලට හෝ කැබිතිගොල්ලෑව රෝහලට යෑමට ගැබිනි මවුවරුන්ට සිදුවී ඇති බව එකී මුල් පුවතේ සඳහන් විය. හදිස්සියේ රෝගාතුර වූ ගැබිනි මව ත්‍රිරෝද රියක නංවාගෙන අබලන් වූ වාහල්කඩ මාර්ගයේ පදවිය රෝහල කරා රැගෙන යෑමට පැය එකහමාරක කාලයක් ගතවී තිබේ. මහවාහල්කඩ රෝහලේ වෛද්‍යවරයකු සිටියා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත නොවන බව පැහැදිලිය. වාහල්කඩ රෝහලට වෛද්‍යවරයකු නැති පුවත 'වෛද්‍යවරයෙක් නැතිව රෝහලක් වැහෙන ලකුණු' හිසින් පළ වී තිබුණේ ඉකුත් 26දා දිනපතා 'මව්බිම' රජරට අතිරේකයේය. රෝහලට වෛද්‍යවරයකු ඉල්ලා සිටියද උතුරුමැද පළාත් සභාවෙන් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ප්‍රදේශය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රිවරයා 'මව්බිම'ට ප්‍රකාශ කර තිබිණි. උතුරු මැද පළාත් බලධාරීන්ගේ නොසැලකිලිමත්කම මේ මවගේ හා දරුවාගේ මරණයට හේතුවී ඇති බව මින් පැහැදිලි වේ. උතුරු මැද පමණක් නොව රටේම තත්ත්වය මෙබඳුය. සෞඛ්‍ය අංශයේ පමණක් නොව රාජ්‍ය අංශයේ ආයතනවල බොහෝ විට ඇත්තේ අකාර්යක්ෂම දූෂිත පාලනයකි. මහජන සුබසාධනය ගැන ඔවුහු තුට්ටුවකටවත් මායිම් නොකරති. "මාගේ ජනතාවට ලබාදිය හැකි පරම ලාභය බුදු වදනින් පසක් කළ ආකාරයට 'ආරෝග්‍ය පරමා ලාභා' බුද්ධ වචනය තේමා කොට ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාවට නිරෝගී දිවි පෙවෙතකට ඇති මාර්ගය විවර කර දීමට කටයුතු කරමි" යැයි අවධාරණය කෙරුණු "මහින්ද චින්තන" ප්‍රතිපත්ති ප්‍රකාශයේ "කොළඹට පමණක් සීමා වී ඇති විශේෂඥ රෝහල් රට පුරා ඇරැඹීම, විශේෂ වෛද්‍ය සේවය ලංකාව පුරා පිහිටි මාතෘ නිවාස, ග්‍රාමීය රෝහල්, පර්යේෂණ ඒකක සහ දිසා රෝහල් දක්වා ගෙන යෑමට ඇති බාධක හඳුනාගෙන ඒවා අවම කිරීමට හැකි ප්‍රායෝගික යාන්ත්‍රණයක් සැකැසීමට කටයුතු කිරීමට"ද පොරොන්දු වී තිබිණි. කෙසේ වුවද මේ වන විට රටේ සෞඛ්‍ය සේවාව වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල හිඟය, ඔෟෂධ හිඟය හා උපකරණ හිඟය යන කාරණා හේතුවෙන් අර්බුදයට ලක්වී ඇත. ඊට අකාර්යක්ෂමතාව හා නොසැලකිල්ල යන කාරණා දෙකද එක් වූ විට අර්බුදය තවත් උග්‍ර වන බව නොකිවමනාය. මහින්ද චින්තනයට අනුව මහජනතාවට සේවය කිරීමට ප්‍රතිඥා දී ඇති ආණ්ඩුවේ සාමාජිකයන්ගේ පරම වගකීම වන්නේ රාජ්‍ය සේවකයන් ඒ සඳහා මෙහෙයවීමය. එහෙත් මහවාහල්කඩින් වාර්තා වූ ඛේදවාචකය වැනි සිද්ධීන්වලින් එවැනි මෙහෙයවීමක් සිදුවේ දැයි යන සැකය මතුවේ. |
Subscribe to:
Posts (Atom)